" ඒ මං පොඩ්ඩකින් එන්නම් "



මිෂෙල් ඇබීට කියාගෙන මෙතනින් නැගිටලා යද්දී හැනා ඇබීගෙ පැත්තට පිට තියලා හේත්තු උනා..  මිෂෙල් කැන්ටින් එකෙන් එලියට ඇවිත් ක්ලාස් රූම් එකට ගියෙ ජූලිවයි ඇනාවයි හොයාගෙන..  කව්රු රණ්ඩු උනත් මිෂෙල් නම් ඒ පැති දෙක ගැනම හොයලා බලනවා..  හැනා නම් ඇබී එක්ක ඉන්නව.. ජූලිත් මේ වෙලෙ හැනා වගේම කේන්තියෙන් හැනාට බැණ බැණ ඉන්න ඕන කියලා මිෂෙල්ට හිතුනා.. හිතුව වගේම මිෂෙල් රූම් එකට යද්දි ඇනා එක්ක ජූලි හිටියේ හැනාට බැණ බැණ..  එයා හිමින් කියන නිසා කියන්නේ මොනවද කියලා මිෂෙල්ට තේරුණෙ නෑ..  මිෂෙල් ඈත තියාම ජූලිගෙ කම්මුල ඉදිමිලා තියෙනවා දැක්කත් ඇබී නම් එච්චර හයියෙන් ගහන්නෙ නෑ කියල දන්නවා



ඇනා අයිස් පැක් එකකින් ජූලිගෙ කම්මුලට ඉදිමුම බහින්න තිය තිය ගන්නවා.. දෙන්නාගෙන් කාටවත් වැරැද්දක් කියන්න බෑ.. මෙතන දි දෙන්නම වැරදියි.. දෙන්නම දැනගන්න ඕන තමන්ව පාලනය කරගන්න..  දෙන්නගෙම ඔළුව වැඩියි.. මොනවා නැතත් මුරණ්ඩුකම නම් එහෙම් පිටින්ම තියෙනවා..  ඇනා හේසල් දෙන්නා තාමත් මේ දෙන්නා එක්ක ඉන්න එක ගැන මිෂෙල්ට පුදුමයි.. අනිවාර්යයෙන් ඒකට නම් හොද ඉවසීමක් තියෙන්න ඕන.. ඒ දෙන්නට තෑගි දෙන්න වටිනවා හැනා ජූලි දෙන්නා එක්ක ඉන්නවට.. ඇනා ජූලි දෙන්නා දිහා ඈත ඉදන්ම බලලා මිෂෙල් රූම් එකෙන් එලියට ගියා


ක්ලාස් එකේ ළමයින්ගෙන් ගොඩක් අය කැමතියි ජූලි බැනුම් අහනවට, ගුටි කනවට.. මොකද ජූලි කරදර කරපු ළමයි අම්බානෙකට ක්ලාස් එකේ ඉන්නවා.. ගොඩක් අය ජූලිට කැමති නෑ.. ජූලි නපුරුයි, හරියට කතා කරන්න දන්නෙ නෑ.. විශේෂයෙන් ම පාඩුවේ නිකන් ඉන්න ලමයිට ඉන්න දෙන්නෙ නෑ.. ඉතින් ළමයි ජූලි හැනා රණ්ඩු වෙනවට කැමතියි.. ඒ වෙලාවට හැමෝම වගේ ගන්නෙ හැනාගෙ පැත්ත.. විනය විරෝධී වැඩක් නැත්තම් හෙඩ් ලේසියෙන් ළමයිව අස් කරන්නේ නෑ.. ජූලිට කේන්ති යන එක හරි ඒත් එයා ඒක පිට කරන විදිහයි වැරදි











*

*

*








පහුවෙනිදා ඇබීටයි ඉයන්ටයි ආරංචි උන දේ නිසා දෙන්නම ඉක්මණට ආවේ D.E.A එකට..  ඇබී ඉයන් දෙන්නා වගේම අනිත් ඒජන්ට්ලත් ඒ වෙද්දී එතනට ඇවිත් හිටිය.. කට්ටිය කලබලෙන් කතා කරන්නේ එයාලට ආව පණිවිඩේ ඇත්තක්ද කියලා.. පොඩි මැසේජ් එකක් හම්බුනාට මැසේජ් එක ඇත්තද කියලා තවම කව්රුත් හරියටම දන්නේ නැ..  හෙඩ් එනකන් කිසිම දෙයක් හරියට දැනගන්න අමාරුයි.. සමහරු කලබලෙන් හැසිරෙනවා තවත් අය කේන්තියෙන්.. කිසිම පරික්ෂණයක් නැතුව එකපාරට එයාලා අරගෙන තියෙන තීරණේ නිසා සමහරු Hed කියලා බලන්නේ නැතුව පලු යන්න බනිනවා


හැමෝම බලන් ඉන්නෙ හෙඩ් එනකන්.. පැය බාගයක් යන්න කලින් කොහොමහරි හෙඩ් එතනට ආවා.. හැමෝම හෙඩ්ගෙ වටේටම වට වෙද්දී ඇබී ඉයන් දෙන්නත් ඉක්මනට එතනට ගියා..


කිසිම හේතුවක් නැතුව ඒජන්ට්ලා ඔක්කොමලව අස් කරලා.. ඇබී ඉයන් දෙන්නව පවා.. හැමෝම ආවෙ හෙඩ්ගෙන් හරියටම වෙලා තියෙන දේ දැනගන්න.. ලැබුණු  හැම නියෝගයක් ම ඒ හැමෝම හරියටම කරා.. ඉතින් එහෙම තියෙද්දිත් එයාලව අස් කරලා.. කිසිම හේතුවක් නැතුව ම



" අනේ මන්දා ගයිස්.. මටත් තේරෙන්නේ නෑ.. මට සමාවෙන්න ඔයාලා හැමෝම .. මට කරන්න දෙයක් නෑ "


දැන් නම් ඇබීට රජය ගැන තියෙන විශ්වාසෙ සම්බන්ධයෙන් ම නැති වෙලා.. ඒ වගේම හෙඩ් ගැන තිබ්බ විශ්වාසෙත්.. හෙඩ්ගෙත් කොන්ද පණ නෑ ඒකට විරුද්ධව කතා කරන්න.. ඇබී ඉයන් දෙන්නා වගේ නෙමෙයි සමහරු ඉන්නව මේක එකම ජොබ් එක හැටියට කරන.. එයා හරි නම් එහෙම අය ගැනත් හිතන්න ඕන..  එතකොට මේගොල්ලො අලල්ලා දුන්න ඒවට මොකද වෙන්නෙ.. කිසිම පිළිවෙලක් නෑ



" අයියේ.. මාව අස් කරලා නේ "

ඇබී එවෙලේම ට්‍රීස්ට කෝල් එකක් ගත්ත.. ඇබී කිව්ව විදියට ට්‍රීස් මුලින් හිතුවෙ ඇබීව විතරක් අස් කරල කියල..   ට්‍රීස් හිතන විදිහට ඇබී පොඩි කාලේ ඉදන් කැතී ළග හැදුන නිසා එයාට ඔය වගෙ වැඩ අමාරුයි.. ඇබීට කොහොම උනත් ට්‍රීස්ට, ජෝට , හැනාට, මිෂෙල්ට ඇබීව අස් කරපු එක ගැන කිසිම ප්‍රශ්නයක් නෑ..













See you guys ❤️






WHAT IF I KILL YOU IN THE END? [GL]Where stories live. Discover now