• 𝙲𝚑𝚊𝚙𝚝𝚎𝚛 10 •

697 83 9
                                    

රූහා උද්‍යානයේ තිබුණු ඔංචිල්ලාවක වාඩිවෙලා මාස හතරක් වයසැති කුස මතින් අත තියාගෙන මල් පිරුනු උද්‍යානය පුරා ඇස් අරගෙන ගියේ ගෙවුණු මාස තුනl ඇතුලත සිදු වුනු දේවල් මතක් කරමින් ගෙවුණු මාස තුන රූහාගේ ජීවිතේ නව පිටුවක් පෙරලන්න පුලුවන් වුනා

මුලු කොරියාවම සහ ලෝකයම පුදුමයට පත් කරමින් දකුණු කොරියාවේ ඔටුන්න හිමි කුමාරයා වුනු මින් යුංගි විවාහ වුනා කොරියාවට හිතවත් රටවල් වල ප්‍රධානීන් යුංගිගේ පවුලේ අය රූහාගේ පවුලේ අය සහ කොරියාවේ සුප්‍රසිද්ධ කෝටිපති ව්‍යාපාරියකයන්ගේ සහභාගිත්වයෙන් යුංගිගෙත් රූහාගෙත් විවාහය සිද්ධ වුනා

දැන් රූහා ජීවත් වෙන්නේ යුංගි එක්ක මාලිගාවේ කොල්ලා පුලුවන් හැම වෙලාවකම රූහා ලගින් හිටියා වගේම යුංගි වැඩකට ගියොත් සැරින් සැරේ මිසිස් මින්ට කෝල් කරලා කෙල්ල ගැන අහන්න යුංගි අමතක කලේ නැ රූහා කලින්ට වඩා ගොඩක් සෙන්සිටිව් වෙලා ඒ වගේමයි ඉක්මනට කේන්ති යනවා ඉස්සරට වඩා රූහාගේ හැසිරීම සම්පූර්ණයෙන්ම වෙනස් ඉතින් රූහාගේ සැරින් සැරේ වෙනස් වන හැගීම් ඉස්සරහ යුංගි පුදුම අසරණවීමක් අසරණ වෙන්නේ

" රූ..."

කල්පනා ලෝකේ ඉදපු රූහා මේ ලෝකෙට ආවේ එයා මෙච්චර වෙලා බලාපොරොත්තු වුනු කෙනාගේ කටහඬ ඇහුනු නිසා කෙල්ල අහිංසක හිනාවක් දෙතොලතර රදවගෙන ඔංචිල්ලාවෙන් නැගිටින්න හදද්දී කොල්ලා රූහාව නැවැත්තුවා ඊට පස්සේ එයා අරගෙන ආපු බෑග් එක රූහාට දුන්නේ කෙල්ල ඇස් වලින් මොනාද කියලා යුංගිගෙන් අහද්දී

" ඔයාම බලන්නකෝ.."

රූහා බෑග් එක ඇතුලට එබිලා බැලුවාම තිබුණේ කෙල්ල මේ දින වල කන්න ආසම කෑම වර්ග කිහිපයක් ඒ ටික දැක්කාම රූහාට ඉතින් රටක් රාජ්‍යයක් ලැබුනා වගේ තමයි

" ආදලෙයි.."

කෙල්ල හුරතලේට තොල් උල් කරගෙන කියද්දී යුංගි හිනා වෙලා රූහාගේ කොන්ඩේ අවුල් කලා

" අපි යමු ඇතුලට ම්ම්.."

රූහාව පරිස්සමින් නැගිට්ටව ගත්ත යුංගි කෙල්ලව එක්කගෙන කාමරේට ගියා රූහා ඇදෙන් වාඩිවෙලා යුංගි ගෙනාපු කෑම එකට වැඩේ දෙද්දී කොල්ලා රූහාට disturb නොකර වොෂ් එකක් දාගන්න ගියා

⚫𝖢𝗋𝗈𝗐𝗇 𝖯𝗋𝗂𝗇𝖼𝖾⚫||𝖬𝖸𝖦||✔️Where stories live. Discover now