• 𝙲𝚑𝚊𝚙𝚝𝚎𝚛 03 •

606 81 7
                                    

පසුදින ආපහු සෝල් යන්න තීරණය කරගෙන හිටියත් රූහාගේ ඔප්පා ආපු නිසා එදා හවසම සෝල් යන්න වුනා යුංගිට නම් යන්න කිසිම වුවමනාවක් නොතිබුනත් රූහාගේ කරදරේ ඉවසගන්න බැරි තැන සෝල් යන්න තීරණය කලා

දැන් එයාලා සෝල් යන ගමන් හිටියේ කැබ් එකේ පිටිපස්සේ ශිට් එකේ කොන් දෙකට වෙලා යුංගි රූහා දෙන්නා හිටියේ අදුරන්නේ නැති ගානට හෝසොක් සැරින් සැරේ දෙන්නා දිහා බැලුවේ එනකොට පිඹුරෝ වගේ වෙලිලා හිටපු කපල් එක දැන් ඊශ්‍රායල් පලස්තීන් වගේ මොකද ඉන්නේ කියලා හිතන ගමන් සෝල් එන්න ඕන කියලා රූහා යුංගි එක්ක රන්ඩු වුනා කොල්ලා හෙට යන් කිව්වත් රූහා ඒක ඇහුවේ නැ අන්තිමේ දී දෙන්නා රන්ඩු වෙලා රූහා තනියෙන් යනවා කිව්ව හින්දා යුංගි අන්තිමේ දී යන්න තීරණය කලේ රූහාව තනියෙන් යවන්න බැරි නිසා

" මොකද්ද උබලා දෙන්නාට වෙලා තියෙන්නේ ඊයේ පිඹුරෝ දෙන්නෙක් වගේ ප්‍රේමයෙන් වෙලිලා හිටියේ "

පැතිරිලා තිබුනු අධික නිශ්ශබ්බදතාවය බිද දමමින් හෝසොක් ඇහුවා

" නම්චිංගුට වඩා වටින කෙනෙක් ඇවිත් කියලා බලන්න යන්න ඕන කියලා දහ අට සන්නිය නැටුවා "

යුංගි කට කොනින් හිනා වෙන ශටර් එකෙන් එලිය බලාගෙන කිව්වා

" යුංගි ඒ මගේ ඔප්පා සති තුනකට පස්සේ එයා ඇවිත් තියෙන්නේ "

රූහා යුංගි දිහා බලන ගමන් ටිකක් තදින් කිව්වා

" හෙට ගිහින් තමුසෙට ඔප්පාව බලාගන්න බැරි ද ඌ පැනලා යනවා ද"

" යුංගි......."

" මොකද....? තමුසේ හැමදාම ඔහොමයි රූහා  තමුසෙට ඔප්පා ගැන කිව්වොත් මාවත් අමතකයි කොච්චර කාලෙකට පස්සෙද තමුසේ එක්ක තනිවුනේ...? තමුසෙට ඔප්පා ආවා කිව්ව ගමන් යන්න ඕන වුනා තමුසේ ඔප්පා එක්කම ඕන මගුලක් කරගන්නවා මාත් එක්ක ආපහු තමුසේ කතා නොකෙරුවාට කමක් නැ "

යුංගි කේන්තියෙන් කියවගෙන ගිහින් අහක බලාගත්තා රූහා යුංගිගේ අතින් අල්ලන්න හැදුවත් කොල්ලා ඉඩ දුන්නේ නැ රූහාට දුක හිතුනා එයාටත් යුංගි එක්ක ඉන්න ඕන ඒත් ඔප්පා ආවා කිව්වාම කෙල්ලට ඔප්පා බලන්න යන්න ඕන වුනා රූහා හොදටම දන්නවා යුංගි එයාට වඩා රූහා වෙන කාටවත් අවධානය දෙනවාට කැමති නැ කියලා ඒ රූහාගේ ඔප්පා වුනත් වෙනසක් නැ

⚫𝖢𝗋𝗈𝗐𝗇 𝖯𝗋𝗂𝗇𝖼𝖾⚫||𝖬𝖸𝖦||✔️Tahanan ng mga kuwento. Tumuklas ngayon