______________________________________

"එයා මේ ලියලා තිබුනු නෝට් වලින් තමයි අපිට හැමදේම දැනගන්න පුලුවන් උනේ !! "

ජිමින්ගේ සොහොන ලග ඉදගෙන හිටපු ආරෝහි ලගට ආව ජන්ගුක් කෙල්ලගේ පැත්තට බොක්ස් එකක් දික්කරන ගමන් කියලා කෙල්ල ලගින්ම ඉදගනිද්දි ජන්ගුක් දිහාට බැල්මක් දාපු ආරෝහි බොක්ස් එක තමන් අතට ගත්තා..

- අද 28 .
පෙරේදා ගෙනාව කෙනාව පිච්චුවා.
කෙමිකල් එක වයස 10 ට අඩු අයට බලපානවා -

-17
අනික් කෙනාවත් පිච්චුවා .
කෙමිකල් එක තරුන අයටත් බලපානවා -

- රාක්කේ පහල තට්ටුවේ තියන පස්වෙනි කේතු ප්ලාස්කුව අසාර්තකයි !!

- රාක්කේ තුන්වෙනි තට්ටුවේ අටවෙනි කේතු ප්ලාස්කුව තරමක් සාර්තකයි !!
මාරන්තික නෑ !! -

ජිමින්ගේ බෝල අකුරුවලින් ලියවිලා තිබුනු නෝට් කිහිපයක් කියවපු ආරෝහි ඒවත් බොක්ස් එකට දාලා පැත්තකින් තියද්දි ජන්ගුක් කෙල්ලගේ උරහිසින් තමන්ගේ අත දාගත්තා..

" එයා ගොඩක් විදවලා ජන්ගුක් !!
මම මොන තරම් නරක නූනා කෙනෙක් ද ?
මගේ පැටියා , මාත් එක්ක ලොකුවුනු මගේම මල්ලි මෙච්චර විදවනකන් මම ඔහේ බලන් ඉදලා ජන්ගුක් !! "

තමන්ගේ ඉස්සරහින් තිබුනු සොහොන් කොතේ ඇස් හීනි කරගෙන හිනාවෙලා ඉන්න ජිමින්ගේ පුංචි පොටෝ එක දිගේ අත යවමින් ආරෝහි කියද්දි ජන්ගුක් කලේ තමන්ගේ අතකින් කෙල්ලගේ ඔලුව අතගාපු එක..

" එහෙම හිතන්න එපා ආරෝ !!
ඔයා එයාව හොද කරගන්න කොච්චර මහන්සි උනා ද !!
රෑ තිස්සේ නිදි මරාගෙන කී තැනක ඔයා වැඩ කලා ද ? "

"එක අතකට එයා තවත් වේදනා විදින්නැතුව යන්න ගියපු එක හොදයි ජන්ගුක් !!
මේ ලෝකේ ඒ පුංචි රෝස මලට දරුනු වැඩියි !!
එයා හරි අහිංසකයි ජන්ගුක් !! "

ගැබුරු හුස්මක් පහත දාපු ආරෝහි කියලා දාද්දි ජන්ගුක් ජිමින්ගේ සොහොන දිහා බලාගෙන කල්පනාවකට වැටුනා..

ජිමින් නැතිවෙලා මාසයක් ගෙවිලා ගිහින්..
මාසෙකට කලින් ජන්ගුක් තවත් නිලධාරියො කිහිප දෙනෙක් එක්ක පාර්ක් පවුලට අයිති ගරාජ් එකට ගියේ ලැබුනු සාක්ෂි පොලිස් භාරයට ගන්න වුවමනාවෙන් !!
නොහිතපු විදියට අපරාධකාරයත් එතනට එද්දි ජන්ගුක් සතුටු වුනා ...
ඒත් දැන් කොල්ලගේ හිත අමුතු පසුතැවීමකින් පිරිලා ගිහින් !!
ඒඒ ජිමින් !!
ජන්ගුක් බලන් ඉද්දිම කෙල්ල ලග හුරතල් වුනු අහිංසකයා !!
එදා ස්නයිපර් ෂූට් එක තමන්ගේ වැඩක් බව නම්ජුන් ජන්ගුක්ට දන්වනකොටත් කොල්ලා ඒ බව දැනගෙනයි හිටියේ..
ඔච්චර දෙයක් කරලා පොලිසියට අංශුවකවත් සාක්ෂීයක් ඉතිරි නොකර පැනලා යන්න ජේගේ කල්ලිය තරම් කවුරුත් දක්ෂ උනේ නෑ..
මුල් ටිකේ කෑමක්වත් නොකා ඇත්ත පිලිගන්න බැරුව හිටිය ආරෝහි අන්තිමේදි ඒ දේවල් පිලිගත්තා...
මුල් ටිකේ අඩාවැටුනත් දැන් කෙල්ල ඇඩුවේ නෑ වෙච්ච දේවල් උනේ හොදටයි කියලා කෙල්ල හිතහදාගත්තා..
කවුරුත් එහෙමයි , හැමෝම ඉන්නකන් විතරයි !!
අපේ දෙමව්පියෝ උනත් , යාලුවෝ උනත් , සහෝදර සහෝදරියෝ උනත් ,
ආදරවන්තයෝ උනත් ,
හිතන්න ඔයා අද මැරුනොත් එයාලා සතියක් අඩයි , සතියක් තිස්සේ ඔයාව මතක් කරයි .
ඒත් ඊලග සතියේ ඉදන් එයාලා ඔයා නැතුව සාමාන්‍ය ජීවිතේට මුහුනදෙයි.
කොච්චර දුකක් තිබුනත් කවදාවත් එයාලා ඔයාව වලලන වලට පනින්නෑනේ !!
රේස් එකක් වගේ ගෙවෙන මේ ජීවිතේ ඔයා ගැන හිත හිත වදවෙන්න එයාලාට වෙලාවක් නෑ...
ඉතින් ආරෝහිත් එහෙමයි..
ඒකෙන් එයා නරක සහෝදරියෙක් කියලා කියන්න කාටවත් බෑ ..
එයා එයාගේ සහෝදරයට ආදරෙයි !!
ඒත් එයාට බෑ ජිමින් එක්කම මැරිලා යන්න..
එයාට තමන්ගේ රේස් එක ඉවර කරන්න තව ගොඩක් කල් තියෙනවා..
හැබැයි ජිමින්ගේ හිත ආරෝහිගේ හිත තරන් හයිය නෑ ..
තමන්ගේ දෙමව්පියෝ තවත් මේ ලෝකේ නෑ කියන එක කොල්ලට දරාගන්න බැරිවුනා..

WHO ? / JJK / completed ✅ Where stories live. Discover now