02.

715 134 3
                                    


" චූටි !!
ඔයාගේ නූනා ආවා !! "

අපිරිසිදු වුනු බිත්ති හතරක් මැද තිබුනු පොඩි ඇද උඩ හොස්පිට්ල් ඇදුමකින් සැරසිලා නිදාගෙන හිටපු පිරිමි ලමයෙක් ලගට යන ගමන් ආරෝහි කතා කරා..

"ඕහ් නූනායා !!
මට මොනාද ඔයා ගෙනාවේ !! "

"ඔන්න මම චූටිට අද චොකලට් ගෙනාවා !!
හිමීට කන්න හොදද !! "

නිදාගෙන හිටපු පිරිමි ලමයා ආරෝහිගේ කටහඩට ඇහුරූනේ කෙල්ලට ඇස් වලින් පවා හිනාවෙනගමන්..
කොල්ලගේ බ්ලොන්ඩ් කලර් කොන්ඩේ අතරින් අත යවලා අවුස්සපු ආරෝහි එහෙම කියන ගමන් ඇද ලග තිබුනු පුටුවකින් ඉදගත්තේ ගෙනත් තිබුනු චොකලට් එක කොල්ලට දෙනගමන්...

" නූනට මහන්සි පාටයි !! "

හිමීට කන්න කිව්වට ඒකත් නාහා කෙල්ල ගෙනත් තිබුනු චොකලට් එක කඩාගෙන ඉක්මනින් ඉක්මනින් කන ජිමින් දිහා කෙල්ල බලන් හිටියේ පුටුවේ ඇන්දට ඔලුව තියාගෙන..

" නෑ පැටියෝ !!
පොඩ්ඩක්වත් මහන්සි නෑ !!
චූටි ඔහොම හිනාවෙලා ඉන්නකොට කොහොමවත් මට මහන්සි දැනෙන්නෑ !! "

කෙල්ල එහෙම කිව්වේ දහයකින් පහලවකින් ගුටිකාලා වගේ එන වේදනාව යටපත් කරගෙන මූනට හිනාවක් අරන්..
කෙල්ල හිනාවෙද්දි ආපිට කෙල්ලට හිනාවක් පාපු ජිමින් චොකලට් එක කන්න පටන් ගත්තා..

ආරෝහි පාර්ක්ගේ එකම මල්ලි ජිමින් පාර්ක් !!
අවුරුද්දකට කලින් කොවිඩ් වෛරස් එක පැතිරෙනකොට මොස්කව් වල හිටපු මේ දෙන්නගේ දෙමව්පියෝ දෙන්න කොවිඩ් නිසා මරනයට පත්වෙද්දි අවුරුදු 25 වුනු ආරෝහිත් අවුරුදු 23 ක් වුනු ජිමිනුත් මේ ලෝකේ තනිවුනා..
සාමාන්‍ය පවුලක් වුනු පාර්ක් පවුලේ ආර්ථිකය පවුලේ ගෘහමූලිකයා උනු අප්පට හිමිවෙලා තිබුනු නිසා යන්න එන්න තැනක්වත් නැතුව ආරෝහිත් ජිමිනුත් අසරන වුනා.
යුනිවර්සිටි එකේ මෙඩිකල් ෆැකල්ටි එකේ තර්ඩ් ඉයර් හිටපු ආරෝහිට ඉගෙනීම එතනම නතර කරන්න උනේ එකපාරටම depress වෙන්න ගත්තු මල්ලි නිසා..
දෙමව්පියන්ගේ මරනේ ආරංචි වෙලා මාසයක් යන තැනදි ජිමින්ට සමහර වෙලාවට ආරෝහිව පවා අමතක වෙද්දි ,
තමන්ටම තුවාල කරගන්න ගනිද්දි කෙල්ලට පුලුවන් උනේ තමන්ගේ මල්ලිව මානසික රෝහලක නතරකරන්න විතරයි...
ඉන්න තිබුනු ගෙදරත් බැංකුවට සින්න වෙද්දි කුලියට ගත්තු පුංචි කාමර කෑල්ලටත් හොස්පිට්ල් එකටත් ගෙවන්න ඕනේ සල්ලි හොයාගන්න ඕනවටත් වඩා මහන්සි වෙන ගමන් ජොබ් කිහිපයක්ම කරන එක දැන් ආරෝහිගේ ජීවිතේ වෙලා.

WHO ? / JJK / completed ✅ Where stories live. Discover now