විසිවන දිගහැරුම 👀

Începe de la început
                                    

" පැටික්කි…….."

සධිල් උගුරෙන් මෙන් පවසද්දී ඇය ඔහුගේ නාසයෙන් දොතොල් ඉවත් කලත් තවත් ඇගේ දෑත් ඒ දෙකොපුල් මතයි තිබුනේ….

" අප්පත්ති පොඩ්ඩයි……………"

ඇයට ඉබේටම මිමිණුනේ ඇගේ දෙනෙත් කලබලයෙන් ඒ මුහුණ පුරාම දුවද්දී...ඒ මුහුණේ අංශුවක් නෑරම ඇය හදවතින්ම විදගද්දී  ඔහු ඇයට ඉඩ දී බලා සිටියේ ඇයටම ඇති වී ඔහුගෙන් මෑත් වන තුරු...

නමුත් ඔහු සිතු දේ වැරදි බව වැටහුනේ සැලකිය යුතු වේලාවක් ගියත් ඇය තවමත් ඔහුගේ කොපුල් වලින් ඇගේ දෑත් මුදා නොගත් නිසයි….

" ඕහ් මයි ගෝඩ් ( මගේ දෙයියනේහ් ) රපුන්සල්….සුදු අයියාහ්………….."

විර්දේව්ගේ පුදුමය පිරුණු හඬ ඇසෙද්දී තමා ආහේලි පියවි සිහියට ආවේ….ඇය එවිටත් දුටුවේ කැබින් එකේ සිටි සියළු දෙනාගේ දෑස් ඇය වෙතම අයා ගෙන ඇති අයුරු...ඇගේ දෑත් සැනින් ඒ දොකොපුල් මතින් බිමට රූටා වැටෙද්දී සධිල්ට සිනහව පාලනය කර ගත නොහැකිව කැබින් එකෙන් පිටතට යන්න හැදුවත් ආහේලි ඔහුගේ අතින් අල්ලා නතර කලේ ඇයට මෙතැන සිටිනා පිරිසට තනිව මුහුණ දීමට තරම් දෛර්‍යයක් නැති වෙද්දී…

" අනේහ් මාවත් එක්කගෙන යන්නකෝ අප්පත්තී….."

ඇය බිමට මුහුණ බර කරගෙන මුමුණන්නේ හැඬීමට ලන් වූ ස්වරයෙන්…

 " කම් ( එන්න) දෝණී……"

සධිල් වේගයෙන් කැබින් එකෙන් ඇයත් සමඟ පිට වුනේ ඔහුටත් වෙනදා නැති අපහසුවක් සිය සහෝදරයන් දෙදෙනා ඉදිරියේ දැනෙද්දී…

💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎

සධිල් යටතේ ඇය පුහුණ වෙන්න පටන් ගෙන සතියක් පමණ ගත වුනත් සධිල්ගේ බැණුම් වලින්,තරවටු වලින් නම් ඇයට දිනපතාම අඩුවක් වුනේ නැත...පැයට දෙතුන් වරක් නම් ඔහුගෙන් බැනුමක් ඇයට නොවරදින්නේ ඇය කරනා අනුවණ ක්‍රියා හේතුවෙන්මයි…

මේ හේතුව නිසාම සධිල් ඇගේ මේසය ඔහුගේ කැබින් එක තුලට ගෙන ආවේ ඇගේ අකමැත්ත ගණන් නොගෙන...මේන්‍යාගේ මනසේ ආහේලි ගැන තිබුනේ එතරම් සුභවාදී ආකාල්පයක් නම් නොවේ...නමුත් ඇගේ අර ඇදීම කුමක්දැයි කියන්න ආහේලිට දැනුමක් නොතිබුනේ ඇය මේන්‍යාව සිය යෙහෙළියක් මෙන් සිතා ඇසුරු කල නිසයි..

මඟ බලමින් 👀Unde poveștirile trăiesc. Descoperă acum