Episode 06

44 8 0
                                    

'සිය තාත්තේ එයා දැන් කෝ....'

'එයත් ඉතින් නැතිවුණා '

'ම්ම්.... කියන්නකෝ එහෙනම් අනිත් විස්තර ඉතින්...
එඩ්වඩ් සීයා ගැන... විල්සන් සීයා ගැන එහෙමත්...'

'මේ හැම දේම පටන් ගත්තේ එතන ඉදන්...'

'මම කිවුව එඩ්වඩ් ට... ඒ මිනිහගෙ හිතුවක්කාරකම හින්ද අපි හැමෝම අදත් විදවනවා...'

සීයා තාත්ත මම එතන නැති ගානට කියන් යනවා...

'අනේ... තේරෙන්න කියන්නකෝ... '

'ඒවා වැඩක් නෑ දරුවෝ  ගිහින් නිදාගන්න....'

.    .     .     .     .

සිය තාත්තගෙන් ඇල්බම් දෙකත් උස්සන් ආව මම හිටියේ  කාමරේ ඇද උඩ...

ටීවි එකේ සද්දෙ යන්තමට උඩට ඇහෙනවා... සහස් කාරය තාම මැච් එක බලනව ඇති...

මම ඇල්බම් එක පෙරලලා ෆොටෝ බලන්න ගත්තා...

පෙරල පෙරල උන්නු ඇල්බම් එකේ තිබිලා වැටුනේ ලියුමක්...

දුඹුරු පාට එන්ලොප් එකක දාල තිබුණ පෝස්ටර් ලියුමක්...

වි.මිද්දෙනිය
අංක 16,
මිද්දෙනිය වලව්ව.

රවුම් අත් අකුරු වලින් නම් පැත්තේ උඩ කෙරවළේ ලිය තිවුණෙ  වලව්වේ එඩ්‍රස් එක විතරක්  වෙද්දි...

එව්වේ කවුද කියන තැන තිබුණේ හිස් තැනක්...

දකුණු පැත්තේ යට කෙරවළේ පෝස්ටර් කරපු දිනේ ලියලා...

1994.10.17

ලියුම පෝස්ට් වෙලා තිබුණෙ නුවර පැත්තේ පෝස්ට් ඔෆිස් එකකින්...

තවමත් කඩල නොතිබ්බ ලියුම අලවල තිබුණ ගම් එක යන්තමට වේලිලා ගිහින්...නෑ...

අලවල තිබුණ කවරේ ගලවනවත් එක්කම ඒක ඇතුලෙන් වැටුනේ  අගල් හතරක් විතර පළළ ෆොටෝ එකක්...

ඒ එක්ක ම දින පොතකින් කඩපු කොළයක  ලියපු ලියුමක්...

ෆොටෝ එකේ උන්නේ  හවස සහස් කාරයගෙ අතේ තිවුණු ෆොටෝ එකේ උන්නු මනුස්සයා එක්ක ලස්සන ගෑණු කෙනෙක්...

ඒ දෙන්නම හිනා වෙලා උන්නු ඒක  දුඹුරු පාටට හුරු කලර් ෆොටෝ එකක්...

මට මතක් වුණේ සහස් කාරයගෙ අතේ තිවුණු ෆොටෝ එක...
ඒ කෙල්ල සුදු වෙද්දි මෙතන උන්නේ පිරිමි එක්කෙනාගේ පාටම කෙල්ලෙක්...

ගවුමක් ඇඳලා කොණ්ඩයක් ගොතලා...

පිරිමි එක්කෙන දිහා බලන් උන්නු මට මතක් වුණේ තාත්තා මගෙඅතින් කියපු කතාවක්...

'සහස් කියලත් කිසි වෙනසක් නෑ විල්සන් මාමමයි...'

'ඒ කියන්නේ ෆොටෝ දෙකේම උන්නේ විල්සන් සීයා තරුණ කාලෙ...'

මම මටම මුමුණ ගත්තා... 
අරක වෙඩින් ෆොටෝ එක..
එතකොට මෙතන ඉන්න කෙල්ල කවුද...

දාහක් දේවල් මතක් කර කර උන්නු මට එහෙමම නින්ද යන්න ඇති...

.     .     .     .      .

නින්ද ගිහින් උන්නු මට ඇහැරුණේ  දැනුන සීතලට....

අද උඩ තිබුණු ලියුම් කවරෙ මේසෙ උඩින් තියපු මම ජනේලිය දිහා බලන් උන්නා...

කළුවරේ  හද එළිය කර්ටන් එකට වැටිලා ....

හුළගත්  එක්ක අමුතු සද්දේකට කර්ටන් එක උඩ පහළ යනවා...

ඊයේත් ජනේලිය ඇරලා දාලා තිබුණා කියල මතක් වෙද්දි මම වෙලාව බැලුවා එකට දහයයි...

මම දන්නෑ ඇයි ගියේ කියලා ඒත් මම බාත් රූම් එකට ගියා...

බිම තිබුණ ටයිල් වලින් කකුල් වලට ඇග හිරිවැටෙන සීතලක් දැනෙද්දී සහස්කාරයගෙ කාමරේ දිහා බලපු මම බාත් රූම් එකේ දොර වහල දැම්මා...

ඔච්චර වෙලාවක්  හොදට තිබිලා එකපාර බල්බ් එකෙන්  ආව කණාමැදිරි එළියට මම අමුතු විදියට තිගැස්සුනා...


ඒ එක්කම කවුරු හරි හිනාවුණා... හෙමින් පටන් ගත්ත එක එන්න එන්න වැඩි වෙද්දී  මට සිවිලිම දිහා බැලුණා...

~ ~ ~ ~ ~ ~

Welcome back ° [Sinhala Horror]Where stories live. Discover now