Episode 04

46 10 0
                                    




මහ එපා කරපු දවසකට පස්සේ මම ක්ලාස් එකෙන් එළියට ආවා... මහන්සි... නිදි මතයි හැම එකම...

වෙලාව පහාමාර කියුවට පහයි හතලිහත්  පහුවෙලා...

ක්ලාස් පටන් ගෙන ටික දවසක් වුණත් ඒ හැමදාම හවසට සීයා තාත්තා වෙලාවට මාව ගන්න ආව... ඒත් අද තාම නෑ...

'නිධා  කොහොමද යන්නේ....'

මිනිරු අහද්දී මම විරිත්තුවා...

'මිනිරුවා ....'

බස් හෝල්ට් එක ළග උන්නු ශවිනි කෑ ගහද්දි  මමත් ඒ පැත්ත බැලුව...

'අපිට ටවුන් යන්න වෙයි බන්... සීයා එනකම් ඕකිව ටිකක් බලපන් හරි ද...'

ආයම ශවියා  කෑ ගහනවා...මිනිරු ඔලුව වනද්දී මම හිනාවෙලා  උන්ට අත් වැනුවා...

සමහර උන් කපල් , තව උන් කෙල්ලො සෙට් එකත් එක්ක කයිය ගහ ගහ යනවා...
මිනිරු උන්නේ ටවුන් එකේ ම බෝඩ් වෙලා වෙද්දි  තනිකඩ ඌ මා එක්ක නතර වුණා...

හැම ලෙඩකටම  සිද්ධාලේපෙ වගේ  ඌ ඕන වෙලාවකට පිට්...

මට වඩා අගල් දෙකක් විතර උස උට තිබුණේ තලෙලු හමක්... කොයි වෙලාවේ ගහගෙන යයිද කියන්න බෑ... ඒ තරමට ඒකා කෙට්ටුයි... හොස්ටල්  කෑම වල බලේ....

හැමදාම අදින මැදින් බට්න්  දාන පාට දොළහම  එකම වගේ කමිස ,කොටු කණ්ණාඩි දෙක
, බොක්ස් කට් කපල තිවු කොණ්ඩේ,ඒ කටු බැහැපු මූණට අමුතු ලස්සනක් ගෙනත්...

අපේ උන්  නවය වසරේදී පටන් ගත්ත තැන ඉදන් තාමත් අපිව ජෝඩු කරනවා... ඒත් උට වගේම මටත් අනිත් උන්ට වගේ වාසනාවට තාම ලව්  සික් නෑ...

ඒ හින්දම අපි  උන්  මොනව කියුවත්  ඒවට හිනා වුණා..

ඒකා අධ්‍යාපනයටම ඉපදිලා උන්නු එකෙක් වෙද්දි  හයේ ඉදන් තාමත් මට ඌට ලන්වෙන්නවත් බැරි වුණා...

පොර දැනුත්  කොටු කණ්ණාඩි දෙක යටින්  පෝන් එකේ පේපරයක් අස්සේ හිරවෙලා ...

මම  බෙල්ල උස්ස උස්ස සීය තාත්තගෙ කාර් එක හෙව්වා...

ඒ එක්කම අපි ළග නතර වුණු කළු පාට අවුඩි එකෙන් සහස් කාරය බැහැලා මගෙ ළගට  එද්දී  එකපාර මිනිරු මගෙ අත අල්ල ගත්ත...

මගෙ ඉස්සරහ නතර වෙලා සහස් කාරය බලන් ඉන්නව රවාගෙන වගේ...මිනිරුවා තාමත් අත අල්ලන්...

' යමු...'

'අ..අයි..'

'සොරි මිස්ට එයාව එක්ක යන්න එයාගේ සීයා එනව...'
මට කලින් ඉස්සර වුණ මිනිරු කියද්දි මම උගෙ මූන බැලුව...
එකෙන් වුණේ මගෙ අත තවත් තද වුණ එක...

'ඕහ්... අද මම ආවේ...'

මුන් දෙන්න මොන නාඩගමක් නටන්න හදනවද නොතේරුනු මම මිනිරුගෙ මූණ බලල ඔව් කියන්න වගේ ඔලුව වැනුවා...

'පරිස්සමින් එහෙනම් යන්න නිධා... ගිහින් මැසේජ් එකක් දාන්න ...'
ඌ කියපු එකට මගෙ කට බාගෙට ඇරෙද්දි  මිනිරු මගෙ අත ඇතෑරුවා...

ජීවිතේට දාන මැසේජ් එකක් සති ගානකට වත් සීන් නොකරන එකා එහෙම කියද්දී  කාර් එකට නැගපු මම අත වැනුවා...


කාර් එක ටවුන් එකෙන් එළියට එද්දීත් අපි දෙන්නා අතරේ තිබුණේ ලොකු නිහඩතාවක්...
කුණාටුවකට කලින් පරිසරය සන්සුන් වෙනව වගේ...

'අයියෙ..'

' ....... '

'සීයා තාත්ත ඇයි ආවේ නැත්තේ...'

'කොච්චර කල්ද...'
මම අහපු එකට යන්නේ කොහෙද මල්ලෙ පොල් වගේ එයා ආයෙම ප්‍රශ්නයක් ඇහුවා...

'ඇ...'

'මම කියුවේ එෆෙයා එකට...'
ඉස්සරහ බලන් අහනවා...

'ඔයාට වැරදිලා... ඒ මගෙ යාලුවෙක්...'

'හ්ම්..'
මොන මගුලක් ද ඒ වුණේ කියල හිතන ගමන් මම ශටර් එකට ඔලුව තියා ගත්තා...


එච්චරයි කිසි කතාවක් නෑ ගෙදර  එනකන්ම....

'ආව කියල මැසේජ් එකක් දානවා...'

කාර් එක පාක් කරල ආපු මිනිහා එහෙම කියාගෙන පඩිපෙළ නැන්ගා...

~ ~ ~ ~ ~

Welcome back ° [Sinhala Horror]Where stories live. Discover now