Episode 05

48 10 0
                                    



එහෙමම කිචන් එකට රින්ගපු මම පැන්ට්‍රිය උඩ ඉදන් බිස්කට්  ටින් එකට වග කිවුව... නැන්ද උයනවා...

සුපර් කියන්නේ නිකන් නෙවෙයි නේ*
(මෙලෝ රහක් නෑ... හැබැයි මන් ආසයි)

'කොහොම ද වැඩ ....?'

'එපා වෙනව අනේ... නිදි මතයි...'

'කෝ කෝ ගිහින්  ඇග සෝදන් එන්න... කාල නිදා ගතහැකි...'

පැන්ට්‍රියෙන් බැහැලා දුවන් ආව මම හැප්පුනේ බිත්තියේ... සහස් කාරයගෙ අතේ තිවුණු වතුර බෝතලෙත් පෙරලගෙනම...

'ළමයෝ  ඔලුව වැදුනද...??'
නැන්දා ළගට  එන ගමන් අහනවා...

'තමුසෙ මොන සිහියෙන් ද ඉන්නෙහ්...'

මේ යකා .... මම නිකන් හිතල හැප්පුනා වගේ...
ටයිල් කැටේට පින් සිද්ධ වෙන්න බෝතලේට මොකුත් වෙලා නෑ...

'සහස්...'

'හුරතල් කරන්න එපා අම්මා ... '

නැන්දටත් කෑ ගහල ඌ ආයෙම හැරිල යන්න ගියා...
මගෙ දිහා බලන් උරහිස හකුලවපු නැන්දයි මායි දෙන්නම හිනා වුණා...

'අවුලක් නෑ මම ටක් ගාලා කන්න එන්නම් කෝ...'

මමත් ඉක්මනට මාරු වෙලා ආයම කාමරේට ආවා...ඒ එක්කම දැක්කේ බාගෙට වැහිලා තිබුණු සහස් කාරයගෙ කාමරේ දොර...

හෙමින් එබිලා ඒ පැත්තට ඇහැ දැම්මා...

පිටිපස්ස හැරිලා උන්නු උගෙ අත් දෙකේ තිබුණේ ෆොටෝ දෙකක්...
එකක් උගෙ  ...
මම හිතන්නේ  ජර්මන් වල දී  ගහපු එකක්...

අනිත් අතේ තිබුණෙත් එයා වගේ ම කොල්ලෙක්  උන්නු වෙඩින් ෆොටෝ එකක්...
හැම දේම සමානයි වගේ ... අයියට වඩා තලෙලුවට හුරු හමක් ඇරෙන්න...

ටිකක් පරණ පෙනුම ෆොටෝ එකක්...
මුණ පේන්නේ නැති වෙන්න අයියාගේ ඇගිල්ල වැහිල තිබුණ කෙල්ල ටිකක් කෙට්ටු යි...
කොල්ලට වඩා සුදුයි...
දෙන්නම ඇදන් උන්නෙ කැන්ඩියන් විදිහට...

බලන් ඉදල වැඩක් නෑ කියල තේරුනු  තැන මම කර්ටන්  එක හදල හෙමින් කාමරේට ආව...

එච්චර බලන් ඉන්න තරම් ඒ කවුද කියල හිතා ගන්න බැරි වුණත් ඒ කොල්ලගේ මූණේ කිසි හැගීමක් තිවුණෙ නෑ...

Welcome back ° [Sinhala Horror]Where stories live. Discover now