Episode 03

62 12 2
                                    



'නෑ...ඔයාල කාල එන්න ...'

මම එද්දී කෝල් එකක හිටපු එයා ෆෝන් එක කට් කරලා ඩ්‍රයිව් කරන්න ගත්තා...

අපි දෙන්නම අතරේ තිබුණේ ලොකු නිහඩ තාවයක් වෙද්දි ඇස් පියන් උන්නු මට තේරුණා කාර් එක වලව්වෙන් ඈතට යනව කියලා...ඒ ගුප්ත පරිසරයෙන් ඈතට යනවා කියල දැනෙද්දී පොඩි වෙලාවකට උනත් ලොකු සැහැල්ලුවක් දැනුනා...

ටික වෙලාවකට පස්සේ කාර් එක නතර කරල තිබුනේ ලයිබ්‍රි රෝඩ් එකේ තිබුණ පොඩි රෙස්ටුරන්ට් එකක් ඉස්සරහ...
පොඩි උනත් එතන තිබුණෙ යුනික් පෙනුමක්...ලයිබ්‍රි එන හැම දවසකම යාළුවෝ එක්ක අපි රෙස්ටුරන්ට් එකට එන්න පුරුදු වෙලා තිබුණා...
අද වෙනදට වඩා ලස්සනයි... ඉස්සරහින් තිබුණු ගස් වලට කහපාට පොඩි බල්බ් වැල් දාල...

'බහින්න...'

එයා කියද්දි මම බැලුවේ මගෙ පෙනුම දිහා...
පුදුම යි... එයා මොකුත් නොකියා ගිහින් වාඩි වෙද්දී මාත් ඒ ටේබල් එකේම ඉස්සරහින් වාඩි වුණා...
එයා පිළිවෙලකට ඇවිත් ඉද්දී මම උන්නේ ගෙදරට අදින ඇදුමකින් ... පනාවක් ගහලවත් නොතිබ්බ සීතල කොණ්ඩේ දෙකට බෙදල උරහිස් වලින් ඉස්සරහට දාල...

ළග ටේබල් එකක උන්නු කපල් එකක් අමුතු විදියට අපි දිහා බලද්දි ඒක ගානක් නොගෙන මම ග්ලාස් එකට දාල තිබුණ මල අතට ගත්තා...
ඒ ගොල්ලෝ හවසට ග්ලාස් එකේ වතුර මාරු කරලා අලුත් මල් දානව ඇති...
හැම ටේබල් එකක් උඩම තිබුණේ එම ජාතියේ සුදු පාට මලක්... ඩේසි මල් වර්ගයේ ටිකක් ලොකු එකක්...
තනිවම උනත් ඒ මල් ටේබල් එකට අමුතු ලස්සනක් ගෙනත් තිවුනා...

'මිස්...'
වෙනදට නංගි කියන වැඩට උන්නු අක්ක කෙනෙක් මිස් කියද්දි මම හිනා වුණා...

'සී ෆුඩ් රයිස් එකක්...'

මට කලින් ඉස්සර වුණ සහස් කාරය එහෙම කියල ආයම ෆෝන් එකට එබුනා...
වෙන මොනවහරි ඕඩර් කරන්න ඕන වුණත් ඒ වෙලාවේ මගේ කට වැහිලා තිබුණ...

අර අක්ක මගේ දිහා බලද්දි මම කරේ උරහිස් හකුලවපු එක...

වටේ පිටේ උන්නු දෙතුන් දෙනෙක්ගෙම ඇස් මග ඇරපු මම කාල ඉවර කරා... තාමත් සහස් කාරය උන්නේ ෆෝන් එකේ වෙද්දී ඒ ඇස් සැරින් සැරේ මගෙ පැත්තට හරවන්නත් අමතක කරේ නෑ...

Welcome back ° [Sinhala Horror]Where stories live. Discover now