Episode 01

173 14 1
                                    



'තාත්තා...'

'මොකද කෙදිරි ගන්නේ...'

'අනේ.. මේ අවුරුදු දෙක මම බෝඩිමක නතර වෙන්නම් කෝ..'

'පිස්සු ද නිධාරා..මම නැන්දට මොකද කියන්නේ...'

'අනේ තාත්තේ එයාට දැන් තනියක් නෑනේ..'

'අවුරුදු හයක් ම ඉදපු එකේ මේ දෙකත් ඉන්නවා ළමයෝ...'

'ඔයා නම් කියයි...මම අර යකාට කැමති නෑ..'

'සහස් ට...? කවුද  ඔයාට කැමති වෙන්න කියුවේ...ඒ ඉස්සර නෑනල  මස්සිනාල බැන්දෙ ...'

'තාත්තේ... මොකද හිනා වෙන්නේ...'

කොච්චර කිවුවත් මේ මිනිස්සු අහන්නෑ නෙ...මොන මගුලක් ද...
අන්තිම පාරටත් කෙදි ගාපු මම කාර් එකේ ශිට් එකට මිට මොලවපු  අතෙන්   වේගෙන් තඩි බෑවා... ඉස්සරහට මොනව උනත් ඒව හොද දේවල් වෙන එකක් නෑ කියලා හිතෙද්දි...

මිද්දෙනිය වලව්ව...

ඔච්චර  අවුරුදු ගාණක් ඒ  ගෙදර හිටපු මට අර යකා රට ඉදල ආපු දවසේ ඉදල මූණ දෙන්න වුණේ ම පුදුම දේවල් වලට...

වලව්වකට  ආවේණික වුණ හැමදේම එහෙ තිබුණත් අර බය හිතෙන ගතිය මට දැනෙන ගත්තේ එදා ඉදලා... දවසින් දවස ඒක  එන්න එන්නම වැඩි වෙද්දී මම කරේ හදිසියේ ම ගෙදර  දුවන් ගියපු එක...

අනුරංග  සහස් සේනාදීර

මිද්දෙනිය වලව්වේ චූටි මැණිකෙගෙ එහෙමත් නැත්නම් අපෙ තාත්තාගෙ නංගිගෙ එකම පුතා...අනාගත වලව්වේ හාමුව... අවුරුදු විසි එකක් වෙනකම් ම ජර්මන් වල හිටපු ඌ ප්‍රයිවට් කම්පැනි එකක ලෝයර් කෙනෙක්...

මොකක්දෝ මගුලකට  අවුරුදු ගාණකට පස්සේ ඌ ලංකාවට ඇවිත්... මාමගේ  මළ ගෙදරින් පස්සෙවත් ලංකාවේ නොහිටපු එකා...

තාත්තා කිවුව විදිහට නම් ඌ මෙහෙ වැඩිහිටි නිවාසයක් හදනවලු...දිගටම මෙහෙ ඉදීලු..

හහ්... මහ ලොකු හාමුව...

                                           . . . . . .

හ ආ හ් හ ආහ්... අපි ආයේ හම්බවෙනවා... ඒ දවස ළගදිම එනවා...

මම උඹට යහතින් ඉන්න තියන්නේ නෑ...

මේ ආත්මේ  අනිවාර්යයෙන්ම උඹ විදවල මැරෙනවා... තත්ත්පරෙන් තත්පරේ...

උඹ  ගන්න හුස්ම පොදට පවා මම වෛර කරනවා...

උඹ විදවනවා... උඹලගේ මහ එව්න්කරපු එව්වට කිසි දෙයක් නොදැන උඹ විදවනවා...

තොපි මගෙ ජීවිතේ ම උදුරා ගත්තා...

වලව්වේ හාමු... හහ් ...මහ ලොකු හාමු... ඒක ඒකට අහින්සක උඹවත් ගාව ගත්තා...

මගෙ ආදරේ... මගෙ ඇස් ඉස්සරහ ම  උඹට  බන්දලා දීලා...

විදවන්න බලාගෙන උඹ තව ආත්මෙක  ඒකට ම පේ වෙලා ඇවිත්...

මිද්දෙනිය වලව්වේ එඩ්වඩ්  හාමු.... හහ්...

ඒකා  කරපු එව්වට  පරම්පරා ගාණක වලවේ උරුමක්කාරයො පව් ගෙව්වා... තවත් ගෙවනවා...

ඔය මූසල වලව්ව ඊගළට උරුම වෙන්නේ මොකාටද  ඒකටත් කලින් පිරිමි පරාණ වලට වගේම මැරිල යන්න වෙනවා...

ඔව්...අකාලේ...

මගෙ ආදරේ... ඒක මට ලැබෙනකම්ම මම තොපෙන් පළි ගන්නවා...

                                         . . . . .


'නිධාරා...ඒයී නැගිටිනවා ළමයෝ..'

මස්සිනාකාරය ගැන සිහියෙන් හිටපු මට එහෙමම නින්ද ගිහින්...
කාර් එකෙන් බැහැලා තාත්තා ඇරලා තිබුණ ශටර් එකෙන් අත දාල ඔලුවට ගහනකම්ම මම නිදි...

මොකද අද ඉදන් හැම රෑකම තත්පරයකට වත් නිදහසේ ඇහැ පියවෙන එකක් නෑ...

මම හෙමින් කාර් එකෙන් එළියට ආවා... 

පහුගිය මතක  අලුත් වෙනවත් එක්කම ඇග පුරා මොකක්දො ගැස්මක් දුවනවා... පපුව අමුතු වේගයකින් ගැහෙනවා...

මම බයයි...ඒ මතක  වලට පවා බයයි...

ඒ දවස් ගාණටම ඇහුව දේවල්...

ඊළග උරුමක්කාරයා..උඹට විදවනවා... මරල දානවා... තත්ත්පරෙන් තත්පරේ...

තව ලොකු සීයා තාත්තාගෙ නම...

ඒව හීන වගේ... ඒත් මට ඇත්තටම ඇහුණා... කන් අඩි පුපුරල යන තරම් සද්දෙන්...

ඇයි මට විතරක්...අනික ඔච්චර කාලෙකට ඇහුනේ නැති දේවල්...

'මෙහෙ එනවා ළමයෝ..'

තාත්තා කෑ ගහල ඇතුලට යද්දි නොයා බැරිකමට මාත් ගෙට ගොඩ වුණා...

~~~~~

හායි  හායි ළමායී...

මම මේ ෆ්ලැට් ෆෝම් එකට අලුත්...
කියවල නම් තියේ ඕන තරම් ලියන්න ගත්තේ අද...
කතාව හොදයි වගේ නම් දිගටම මා එක්ක ඉන්නේ...

ආතරෙයි ...

Welcome back ° [Sinhala Horror]Where stories live. Discover now