• නැහැදිච්ච පුත්තු

358 61 32
                                    

Balenciaga Daddy : Ortega Family
.
.
.
.
.
.
.


ඔ'ටෙගා ඩ්වෙලි එහෙමත් නැත්නම් ඔ'ටෙගා මැන්ශන් එක තිබුනේ සුපුරුදු උදෑසන වතාවරණයෙන් පිරිලා ගිහින්. මැන්ශන් එකේ වැඩට හිටපු මේඩ්ස්ලා කාර්‍යබහුල වෙලා හිටියේ එයාලාගේ මාස්ටර්ස්ලාට වගේම මැඩම්ගේ බ්‍රෙක්ෆස්ට් එක වෙනුවෙන්. ඒත් තවමත් පහළ තට්ටුවේ තිබුන ඩයිනින් ඒරියා එකට ඇවිත් හිටියේ මැඩම් ඔ'ටෙගා විතරයි.

චාලට් ඔ'ටේගා..කියන්නේ මැන්ශන් එකේ වගේම ඔ'ටේගා කියන වර්ල්ඩ් ෆේමස් බ්‍රැන්ඩ් නේම් එකේ ඕනර්. සරලව කියනවා නම් අවුරැදු හතළිස් නමයක් වුනු බිලියනර් කෙනෙක්. හිතාගන්නවත් බැරි තරම් සල්ලි වගේම බලය තියන කාන්තාවක්. ඇහිපිය ගහන තත්පරෙන් තමන්ට ඕනම දෙයක් කරගන්න ජාතියේ කෙනෙක්. සල්ලි තියනවා නම් මොනවද කරන්න බැරි කියලා.. ඇත්තටම පෙන්නන කෙනෙක්.

බිස්නස් වර්ල්ඩ් එකට.. වගේම ලෝකෙට සීතල චරිතයක් තියන බිලියනර් කෙනෙක් වුන චාලට් ඔ'ටේගා ටිකක් හරි කිට්ටු නම් ඒ එයාගේ පුතාලා තුන්දෙනාට විතරයි. හරියටම කියනවා නම් තමන්ගේ ලේ නොවුනත් තමන්ගේ පුතාලා විදියට ලෝකෙට අදුන්වපු අය. ගතවුන එයාගේ අවුරැදු හතළිස්නමයක ජීවිතේ හිටපු හස්බන්ඩ්ලා හය දෙනාගෙන් වැඩිපුරම සල්ලි වගේම බලයක් තිබුනු කඩවසම්ම අයගේ ළමයි තුන්දෙනා තමයි අන්තිමට එයාට පවුලක් විදියට නමට හරි ඉතුරැ වුනේ.

මිස්ටර් කිම්.. මිස්ටර් පාක්.. වගේම මිස්ටර් ජොන්.. මේ තුන්දෙනා..ම තවමත් ජීවතුන් අතර හිටියත් එයාලට දරැවෝ ඉන්නවාද කියලාවත් ගානක් නොතියෙන මිනිස්සු නිසා එයාලාගේ පුත්තු තුන්දෙනා හිටියේ ඔ'ටෙගා ගාව. ඒක ගැන අපිට සමහර විට එක එක ප්‍රශ්න මතුඋනත්.. එයාලට. ඔ'ටෙගාට.. වගේම ඒ සල්ලිකාර පුත්තු තුන්දෙනාටත් ඒ ගැන වගේ වගක් තිබුණෙ නැහැ. ඒ තමයි බිලියනර්ස්ලාගේ විදිය.. ඒක එයාලාගේ සාමාන්‍යය ජීවිතය. පොඩි කාලේ ඉදන් අතට පයට හැමදේම එක්ක මේඩ්ස්ලා එක්ක හැදුනු ළමයින්ට තමන්ගේ දෙමව්පියන් එක්ක ලොකු බැඳීමක් නැති වෙද්දි කසාද ලියවිල්ලකට එක එක හේතු එක්ක බැඳුණු මිනිස්සුන්ට ඈත් වෙන්න වැඩි වෙලාවක් යන්නැ.

TYCOONS IN PLAY || OT7 || COMPLETEDNơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ