"A heart of a man
is very much like the sea,
It has its storms, it
has it's tides
And in it's deapth,
it has its pearls too."
______________________________~♥~_________________________________
"තමුසෙගෙ ඔය ජරා අත් දෙක අරන් මකබෑවිලා පලයක් කැතී...."
"තොට මැරෙන්න ඕනිද? එකසැරයක් කිව්වම පලයන්."
ඔහුගෙ ගෝරනාඩුව සමාජ ශාලාව පුරා විසිරුණු ඩිස්කො සංගීතය ඉක්මවා යන්න තරම් වුනා. වෙහෙසකාරී දවසකට පස්සෙ එළඹුණු රැයේදිවත් නිදහසක් නැති හැටියක්. සමාජ ශාලාවෙ ප්‍රභූ පෙලටම වෙන් වුන කොටසෙ තනියම විස්කියක් තොලගාමින් හිටපු තරුණයගෙ දෑස් ඒ වෙද්දිත් අඳුරු වෙලා ගිහින්. අද ඔහුට හොඳ දවසක් නෙමෙයි වගේ. දවසෙ සිදුවුන එක දෙයක්වත් ඔහුට උවමනා පරිද්දෙන් සිදුනොවුන එකයි ඊට හේතුව. ඉතින් සුළු දෙයක්වුනත් ප්‍රමාණවත් ඔහුව වියරු වට්ටන්න.
ලා කහ පාට ආලෝකය නොවදින්න අඳුරට වෙලා ඇස් පියන් වසාගෙන සිටි ඔහු අසලට ගිය කැතීගෙ ඇඟිලි තුඩු ඔහුගෙ හිස කෙස් අතරින් යද්දිමයි ඔහු ඇයට පිටවන්නයි පැවසුවෙ. ඒත් හිතුවක්කාර කැතී ඔහු කවුරුදැයි අමතකවූ ලෙසින් ඔහුගෙ දැනටමත් නිරාවරණය වුන පපු කොටස අස්සෙන් සිය හීනි දිග ඇඟිලි ඇතුලට යවද්දි තරුණයගෙ ඉවසීම නැතිවුනා.
හුඟ දවසකට පස්සෙයි ඔහු මෙහි ආවෙ. ඉතින් ඔහු වැන්නෙක්ට ලන් වෙන්න පුළුවන් සීමිත පිරිසගෙන් කෙනෙක් වුන කැතී "කාවවත් ඇතුලට එවන්න එපා" කියලා කලින් අනතුරු අඟවලා තියෙද්දිත් මෙහෙම ඇවිත් ඔහුගෙ ඉවසීම පිරික්සද්දි ඔහු යටපත් කරන් සිටින කේන්තිය මතුවුනා. කැතී සමාජ ශාලාවෙ තවත් එක වේ###. අ රියල් බිච්. ඔහුගෙ තේරිමක්. ඇගේ සරාගී අග පසඟ, ගමන් විලාසය, කතාබහ හැමදේම මිනිසුන් මත්කරා. ඉතින් ඔහු ඇයව තෝරපු නිසා.....හිස් චෝසන් වන් වුන නිසා ඇය සිටියෙ අනික් ගැහැණුන්ට වඩා මදක් ඉහලින්.
හුඟ කාලෙකට පස්සෙ එහි පැමිණි තරුණයා සමඟ එක රාත්‍රියක් පමණයි ඇයට උවමණා වුනේ. ඔහු ඇයව සතුටු කරන විදියට ඇය හුඟක් කැමතිවුනා. මොකද ඇයට ඔහු එක විදියක මධුවිතක්......
"ජ්...." තරුණයගෙ කෑගැසිල්ල මත්තෙ තවමත් බියෙන් මෙන් බිම වැටී සිටින ඇය දෙස බලපු ඔහු තම කම්මුල් ඇතුලතින් තෙරපුවා. ඇයගෙ ක්‍රියාවෙන් ඇහැරිලා තිබුණ ඔහුගෙ බමසර නිසත් ඔහු සිය දෑත් මිට මොළොව ගත්තා. හිඳගෙන හුන් තැනින් නැගිටගත් ඔහු අසල තිබුණ විස්කි බෝතලෙන් ඇයව නහවලා ඇගේ බාහුවකින් අල්ලලා නැගිට්ටුවෙ දැඩිව ඇයව ස්පර්ශකරමින්.
ESTÁS LEYENDO
His Property (Jjk Ongoing)
Fanfictionසීතල අයිස් වුනත් මිදෙන දවසක් එනවා. A heart of a man is very much like the sea, It has its storms, it has it's tides And in it's deapth, it has its pearls too."
