LONELY

207 22 65
                                    

Abi's pov

මිනිහෙකුට ආදරෙන් කීපාරක් පරාද වෙන්න පුලුවන්ද?
මම නම් දෙපාරයි.ඒත් ඒ දෙපාරෙන්ම මම හෙම්බත් වුනා.

ජීවිතේ දෙපාරක් එක දෙයකින් පරාද වෙන එක මහන්සි වෙන්න දෙයක්ද?
ගොඩක් අයට එහෙම හිතෙන්න පුලුවන්.ඒත් හැම මනුස්සයාම එක වගේ නැහැ.මට මහන්සි.ආදරෙන් පරාද වෙලා.
ඒ පැරදුන විදිහ මට දරාගන්න බැහැ.

මම අවුරුදු විසි නවයක් වෙලත් ඒ ගැන හිතන්න නොගියේ ඒ නිසා වෙන්න ඇති.ඒත්,අම්මා තාත්තා හැමතිස්සෙම වගේ මට බලකරන්න ගත්තා.

ඔව්,වෙන මොනා ගැනද කසාදේ ගැන.අයියා ඒ හැමවෙලාවකම නිහඬ වුනේ අම්මායි තාත්තායි අයියා වෙනුවෙන් තෝරපු කෙනා හරි නිසා.ඒ වගේම එක පාරක් ආදරෙන් පැරදුන කෙනෙක් විදිහට මාව තේරුම් ගත්ත කෙනෙක් අයියා කියන්නේ.

ඒත් අම්මාත් තාත්තාත් මාව එන්න එන්නම pressure කරද්දි මම හිතුවක්කාරයෙක් වුනේ ඒ දේවල්වලින් ගැලවෙන්න.මම මෝඩයි,ඒකෙන් වුනේ අම්මා තවත් කසාද හොයන්න උනන්දු වුන එක.මම තව තවත් මුරණ්ඩු වෙද්දි,අක්කා මගේ පැත්ත ගත්තා .ඔව්,හැමදාමත් මම අසරණ වෙද්දි එයා මගේ පැත්ත ගන්නවා වගේ.අක්කා අම්මාට වගේම තාත්තාටත් කිව්වේ මට තව කල් දෙන්න කියලා.

ඒත් ඒක හරි ගියේ නෑ .අන්තිමට එක දවසක් අම්මලා බලෙන් මාව එක්කගෙන ගියා.මනමාලියෙක් බලන්නලු.මම ගියත් ගියේ නොගිහින් බැරිකමට.
මට උවමනාවක් නෑ මට ඕනෙත් නෑ මගේ ජීවිතේට වෙන කිසි කෙනෙක්.

ඒත් මම ගියා මොකද තාත්තා මට තර්ජනය කලා,මගේ music studio එක මගෙන් ගන්නවා කියලා.මම වැඩි කාලයක් ගෙව්වේ ඒකේ.මගේ නිදහස තිබුන එකම තැන.

මේ වෙලාවේ මාව බේරගන්න පුලුවන් එකම කෙනා අක්කා.ඒත් මම අක්කාට call කරන්න කලින්ම අම්මා මගේ 4n එක ගත්තා.

මම දැන් ඉන්නේ අර අම්මාගේ ලේලිව බලන්න ඇවිත්.මට කිසි දෙයක් අදාල නෑ .මම මගේ කල්පනාවක හිටියේ.එකපාරටම අම්මා මට වැලමිටෙන් ගැහුවේ මාව මේ ලෝකෙට එද්දි.

මගේ මූන ඉස්සරහම තිබ්බේ බුලත් ටිකක්.ඕක අතට ගන්න ඕනනේ දැන්.මම ඒකත් අතට අරගෙන වාඩිවුනේ ඕන එකෙක් වුනදෙන් කියලා.

MAGIC SHOPWhere stories live. Discover now