මිෂෙල් එක්ක පොන් එක ඔබ ඔබ ඉන්න ඇබීව දැකපු හැනා ඇබී ලගට දුවගෙන ගියා.. හැනාව දැකපු මිෂෙල් අහක බලාගත්තා.. ඇබී නම් හැනාව ගණන් ගත්තේවත් නෑ



" ඇබී.. අ.අනේ මට සමාවෙන්න..  "

සමාව දෙනවා තියා ඇබී හැනා දිහා බැලුවෙවත් නෑ.. ඇබී දිගටම පොන් එකට අවධානය දුන්නා.. හැනා කොච්චර කතා කරත් ඇබී ඇහුනේ නෑ වගේ තමයි හිටියේ..

" අනේ ඔහොම කරන්න එපා.. කතා කරන්නකෝ.. සමාවෙන්නකෝ "

" මිෂෙල් යමුද.. පරක්කු වෙනවා "


ඇබී මිෂෙල් එක්ක යන්න හැදුවත් හැනා ඇබීගෙ අත එයාගේ අත් දෙකෙන්ම තදින් අල්ලගත්තා.. ඇබී හැසිරුණේ එතන හැනා කියලා කෙනෙක් නැති ගානට.. දෙයක් කරද්දී ඒ දේ තමන්ටත් උනොත් කොහොමද දැනෙන්නේ කියලා දැනගෙන කරන්න.. කෙනෙක්ව තමන්ට ඕනමයි කියන හැගීම ඇති උනාට පස්සේ ඒ කෙනා නැතුව ජීවත් වෙන එක ගොඩක් අමාරු වෙනවා


ඇබී හැනාගෙ අත එයාගේ අතින් අයින් කරත් ආයම හැනා ඇබීගෙ අත අල්ලගත්තෙ බැගෑපත් විදිහට.. ඇබී එයාගේ අත ඇදලා අරගත්තෙ හැනාගෙ අතින් අත ඇරිද්දි...



" තවත් මොනවද ඔයාට මගෙන් ඕන.. චැලෙන්ජ් එක දිනුවනේ.. ඒ මදි ද.. ඔහ් ඔයට තව ඕනද.. ඒ පාර මොනවද ඔයා එයාට චැලෙන්ජ් කරේ..  මාත් එක්ක නිදි යන්නද .. හා යං එන්න ඉතින් "


ඇබී කියපු දේට හැනා අත් දෙකෙන් කට වහගත්තෙ එයාට ඒක දරාගන්න අමාරුයි කියලා


" එනවා ඉතින්.. ආ.. කියනවා... නැත්තම් මං මැරෙන්න ඕනද.. ආ.. මොකක්ද වෙන්න ඕනේ.. අපෝ මං කරලා දෙන්නම්කෝ..  ඕක සුළු දෙයක් නේ.. නේද.. මං රැවටුණා තමයි.. හැබැයි එහෙම උනේ මං ඔයාව විශ්වාස කරපු නිසා.. ඔයා ඇයි අඩන්නේ.. ඔයා දන්නවද මට කොච්චර රිදෙනවද කියලා ඔව් මට එහෙම වෙන්න ඕන.. මට එහෙම වෙලා මදි කරන ගොංකං වලට"



ඇබී කෑ ගහල එතනින් යද්දි හැනාට හිනා උන මිෂෙලුත් ඇබීගෙ පිටිපස්සෙන් ගියා.. ඇබීට කොච්චර දැනෙන්න ඇති ද.. ඒක වචන වලින් කියන්න අමාරුයි.. ඇබී කියපු හැමදෙයක්ම අහගෙන හිටපු හැනාට ඉවසන්න බැරි උනා.. හැනා තමන් ගැනම ලැජ්ජා උනා.. ඔව් එහෙම වෙන්න ඕන.. ඇබී පාඩුවේ හිටියේ.. හැනා ඒ වගේ දෙයක් ඇබීට කරන්න තරම් ඇබී හැනාට මුකුත් කරලා නෑ.. ඇබී එතනින් ගියත් හැනා බිම ඉදගෙන ගොඩක් ඇඩුවා











WHAT IF I KILL YOU IN THE END? [GL]Where stories live. Discover now