"ඉතින් ඉතින් පොඩි ඩබල.. කොහොමද කැම්පස් එකේ පළවෙනි දවස.?."

"කතා කරන්න එපා ජෝශු හ්‍යුන්ග් ඔයා නම් අපිත් එක්ක. කුකී නම් ගොඩක් තරහ වෙලා ඉන්නෙ ඔයා එක්ක. "

ඒ ඇහුන කතා බහෙන්ම මට තේරුණ ආවෙ කවුද කියලා .. බැරි වෙලාවත් මිස්ට සිගී ඔයත් මෙතන ඉන්නවද....

"ඔහ් කුකී බබා හ්‍යුන්ග් එකක් තරහ වෙලාද එතකොට ඉන්නෙ ? එහෙනම් මම ඔයා එනවා කියලා දන්න නිසා ගත්ත කෙහෙල් කිරි එක වෙන කාටහරි දෙනවා. "

එපා කුකී එපා ! කෙහෙල් කිරි එකක් නිසා තමන්ගෙ ආත්මෙ පාවා දෙන්න එපා. මතක් කරගන්න වීකෙන්ඩ් එකේ පාර්ක් එක්කන් යනවා කියලා මුලා කරලා ජෝශු හ්‍යුන්ග් බලාපොරොත්තු බිඳල දාපු විදිය..

"එහෙනම් ටේයා.. උඹ බීපන් මේක.. "

"ඊයා බං මේ මල ජරාව මිනිස්සු බොනවද ? "

ජෝශු හ්‍යුන්ග් ගිය සතියෙ මටයි ජිමිනටයි පොරොන්දු වෙච්ච විදියට පාර්ක් එක්කන් ගියෙ නැති නිසා තරහ වෙලා හිටිය හින්දම මූණ ඉස්සුවෙ නැති උනාට මොකද කාගෙන් ද මන්ද මගෙ සූකිරි බටිල්ලව දෙන්නද කියලා ඇහුවම ඌ මගෙ රටක් වටින පානයට අපහාස කරනවා ඇහුන විතරයි මට මල පැන්නා.

"යාහ්.. මගෙ සංකුට්ටට එහෙම ජරාවක් කියන්න තරන් තමුන්ට හයියක් ආවෙ කොහෙන්ද අහ් ? "

ඉස්සෙල්ලා වගේම ආයෙ පාරක් මම පිස්සෙක් වගේ කෑ ගැහුවෙ මගෙ ඉස්සරහ පුටුවෙ වාඩි උන මනුස්සයට . මොකද මට තේරුණා ජෝශු හ්‍යුන්ග් ටේයා කිව්වෙ ඒ කෙනාට කියලා ..

හැබැයි මට කියාගන්න හයිය තිබ්බෙ එච්චරයි . මොකද ඒ ටික කිව්වට පස්සෙ තමයි ටේ කියන්නෙ කවුද කියලා මම දැක්කෙ.. කලින් දැක්කා නම් ඔළුව උස්සන්නෙ නැතුවම ඉන්නවා. 😒

"මි..මිස්ට සිගී.. "

මම එහෙම මිමිණුවෙ හිමින් උනත් එයාට ඒක ඇහුනා. ඒ හින්දා වෙන්නැති එයාගෙ ඇඟිල්ලක් එයාටම දික් කරගන්න ගමන් අංග චලනයෙන් එයාටද මිස්ට සිගී කිව්වෙ කියලා ඇහුවෙ.. 🥲 අම්නේ දෙයියනේ එයාගෙ ඇඟිලි වල දිග.. 🥹 වාවන්නෑ දෙයියෝ...

එයා ඇහුව දේ තේරුණාට මම කරේ ආපිට බිම බලා ගන්න එක විතරයි . සැක් first impression එකම චකබ්ලාස්ට්නෙ ඉතින් 😒

Mr. Cigarette & His Little Lilly 🌷Where stories live. Discover now