" ම්.. බලන්න ඕන "

" මොකක්ද කියන්නේ " ඇබී කිව්වට පස්සේ හැනා කේන්තියෙන් ඇහුවා.. ඇබී ආයම හිනා වෙලා හැනාගෙ ඔළුවට පොඩි තට්ටුවක් දාල

" එනවා එනවා... "

" හැමවෙලේම ඔහොම තට්ටු දාන්න එපා අනේ.. මොලේ හෙල්ලෙනවා " හැනා කියද්දී හේසල්.,

" හෙල්ලෙන්න මොලයක් තියෙන්න එපැයි " හිමින් කිව්වත් ඒක අනිත් අයට ඇහුනා.. ඇබී මිෂෙල් දෙන්නා හිනා වෙද්දි හැනා.,

" ඇයි උබ හිතුවද උබට තියෙනවා කියලා "

" කව්ද කිව්වේ... මටත් නෑ තමයි " එතකොට නම් මිෂෙල්ටයි ඇබීටයි තවත් හිනා ගියා

" හේසල්.. හැනා එද්දි ඇබී නෑවිත් ඉදියොත් තමයි පුදුමේ " මිෂෙල් කියනකොට හේසල්.,

" මිෂෙල්.. ඇබී එන නිසාම හැනා එන එකත් පුදුමයක් නෙමෙයි "

" හරි හරි.. යමු දැන් class එකට " හැනා හේසල් එක්ක යද්දි ඇබී මිෂෙල් එක්ක පිටිපස්සෙන් ආවා

කට්ටිය ආපහු තමන්ගේ class වලට ගියා.. එදා දවසෙම කතා උනේ තව සතියකින් තියෙන පාර්ටි එක ගැන.. හැමෝටම ඕන උනේ සතිය ඉක්මනට ගෙවෙනවට...
















" Joe... I think I'm in love " ඇබී ජෝ දිහා බලලා කියද්දී ජෝ...

" ඔහ්හ්.. Who is that lucky boy? " ජෝ වීදුරුවට වයින් ටිකක් පුරවගන්න ගමන් අහද්දි ඇබී ජෝ දිහා බලාගෙනම

" ජෝ... අන්න එතන.. එයා කොල්ලෙක් නෙමෙයි "

ඇබී සිගරට් එකක් පත්තු කරන ගමන් ජෝට කිව්වා.. ට්‍රිස් මෙතන නෑ.. ඇබී සිගරට් බොන්නෙ ට්‍රිස් නැති වෙලාවට විතරයි

හැබැයි ඇබීට මෙතනදි මතක් උනා එයා එකපාරක් ජූලිට කියපු දේ ගැන.. සිගරට් එක බොන ගමන් ඇබීටම හිනා ගියා ඒක මතක් වෙලා..

ඇබී අරහෙම කියද්දී බොන්න කට ළගටම ගත්ත වයන් වීදුරුවත් අල්ලගෙනම ජෝ ඇබී දිහා බැලුව

" කෙල්ලෙක් ද? " ජෝ අහද්දි ඇබී හිමිට ඔළුව උඩට පහලට කරා

" ඒක අමුතුයි වගේ... දැනෙද්දී මං නිකන් කෙල්ලෙක්ට ආදරය කරනවා.. " ඇබී කියල හිනා උනා

WHAT IF I KILL YOU IN THE END? [GL]Where stories live. Discover now