"යු.... යු.... යු.... යුංගි සර්.... ඔය ඇති නේද? මින්යූට නින්ද ගියොත් එහෙම ලෙක්චර් එකේදි හෙ හෙ...."

නායුන් කියද්දි යුංගි ආයෙත් ඇය දිහා බැලුවෙ ගිනි පිටවෙන ඇස් වලින්. මේක වෙනවා කියලා කලින් ඉඳලම දන්න නිසා කෙල්ලට දැන් ඒක හුරුයි. කොහොමත් ඉතින් මොන දේ කරන්න ගියත් යුංගිගෙන් එයාට හම්බවෙන්නෙ අළු වෙලා යන බැල්මක් විතරයි.

"නායුන්.... තමුන් කොහොමද දන්නෙ මෙයා කොච්චර කන්න ඕනෙද කියලා? මෙයාට ඇති නම් මෙයා කියයි.... තමුන් කට වහගෙන ඉන්නවා මට කියලා දත් ටික බඩට යවාගන්නෙ නැතුව."

"හරි හරි ඉතින් ඕකට කෑගහන්න ඕන නෑනෙ."

යුංගි ආයෙත් කෑම පිඟාන දිහා බලලා හිනා වුනේ ඇත්තටම ඔහු ඕනවටත් වඩා කෑම පුරවලා නේද කියලා දකිද්දි. ආදරේ වැඩි කමට හැමදෙයක්ම වැඩියෙනුත් එක්ක ඇයට දෙන්න ඔහුට ඕන වුණා. ෆීනික්ස් කෙනෙකුගෙන් ආදරය ලැබෙනවා කියන්නෙත් ලේසි පහසු දෙයක් නෙවෙයි. ඔහු තමන්ගේ ආදරය හිමි කරගන්නා කෙනා වෙනුවෙන් ඕනම දෙයක් කරයි.

පැයක පමණ කාලයකින් පසුව සියලු දෙනාම සූදානම් වුණේ ගෙදරින් එලියට යන්න. මින්යූ දොර ලඟ ඉඳන් උණුසුම් වැලඳ ගැනීමකින් නායුන්ට සමු දීලා විශ්ව විද්‍යාලයට යන්නයි සූදානම් වුණේ.

"මට නම් බයයි නායුන්.... මට පුළුවන් වෙයිද?"

"යාආආ... ඔයාට බැරි නම් මටත් බෑ. එහෙම වෙන්නෙ නෑ. හැමදෙයක් ගැනම හොඳ විදිහට හිතන්න. ඔයාට පුළුවන්... හ්වයිටින්."

"හරි එහෙනම්... මට පුළුවන්. හ්වයිටින්.... මට බස් එකක් අල්ලගන්න වෙනවනෙ. ගිහින් එන්නම් එහෙනම්."

"බායි මින්යූ.... මට අද බඩු ගේන්න යන්න තිබුණෙ නැත්තං ඔයත් එක්ක එන්න තිබුණා. අර පූසා එක්ක බෑනෙ... නායුන්... තමුන් අට වෙනකොට මාකට් ගිහින් දහය වෙනකොට ගෙදර එන්න ඕන. නැත්තං මං එලියට දාලා දොර වහනවා... යැයි යැයි තමයි."

නායුන් යුංගිට ඇද කරන ගමන් කියද්දි මින්යූ හුරතල් විදිහට හිනාවුනේ නායුනුත් ඇයට එකතු වෙද්දි. ඒ වෙලාවෙ එතනට ආවෙ යුංගි. පේන විදිහට නම් ඔහුත් කොහේ හරි යන්න වගෙයි ලෑස්ති වෙලා හිටියෙ. නමුත් ඔහු මීට කලින් ගෙදරින් එලියට බහිනවා නොදැක්ක නිසා නායුන් හිටියෙ පුදුම වෙලා.

Born With Fire || MYG ✓Tahanan ng mga kuwento. Tumuklas ngayon