30th emotion

275 42 8
                                    

"චූටි දන්නවද අශ්විතා ආන්ටි ආත්මාට ඔච්චරම අකමැති ඇයි කියලා...?"

"නෑ..."

"ආත්මා කියන්නෙ,රොනල්ඩ් මැරි කරාට පස්සෙ පැටලුන වෙන ගෑනියෙක්ගෙන් හම්බුන ලමයා.."

"තාත්තා..."

ශේන්යාට කෑ ගැහුනා...හදා ගන්න ගත්තා වුනත් මෙහෙම දෙයක් කන් දෙකට ඇහෙද්දි ශේන්යාට හිතා ගන්න බැරි වුණා...සුද්ද සිංහලෙම්ම කිව්වොත් ආත්මා කියන්නෙ ආත්මාගෙ තාත්තාගෙ හොර ගෑනිගෙ ලමයා...ශේන්යාගෙ ඔලුව ගිනි ගන්න වගෙ ආවා එක පාරට..

"මං රොනල්ඩ් ව ඉස්සර නිතර මුණ ගැහිලා අශ්විතා ගැන හෙව්වා...ඒකෙන් තමයි ඕවා දැන ගත්තෙත්..වෙන කසාදෙකුත් නැතුව කුමුදුනීට ආත්මාව හම්බෙන්න ආවම ඒකිව පවුලෙන් අයින් කරා...රොනල්ඩ් තමයි කුමුදුනීව බලා ගත්තෙ,ඌ මට උදව් කරපු නිසා,මං ඌට ඒකට උදව් කරා...ඒත් ආත්මා හම්බෙද්දි කුමුදුනී මැරුණා...රොනල්ඩ් පොඩි එකීව අශ්විතාට දීලා රත්නපුරේට ගියා...රොනල්ඩ්ගෙ දරුවෙක් නිසා අශ්විතා ආත්මාට ආදරේ වුණාට අශ්විතාගෙ හිතේ කහට තාම ඇරිලා නෑ චූටි පුතා......"

"හරි හරි හරි,මට කියන්න එදා වෙච්ච දේ..."

"එදා ද ....
(අසල් යන්තමට හිනා වුනා...)
රොනල්ඩ් චූටිව හප්පපු දවසෙ, මං ඌට කිව්වා,චූටිට මුකුත් වුණොත්,ආත්මා ඇත්ත දැනගනී කියලා...එච්චරයි..දැන ගත්ත විදියට මං එන්න පිටත් වෙද්දිත් ඌ වැටිලා..කරන්න දෙයක් නෑ...මං හිතා මතා මුකුත් කරෙ නෑනෙ.."

ශේන්යා නළල දෙපැත්ත තද කරං නැගිට ගත්තා...මේක මෙහෙම වුණේ ඇයි කියන්න ශේන්යා නොපෙනෙන දෙවියොන්ගෙන් ඇහුවා...ඒත් දැං වෙච්චච දේවල් ආපස්සට හරවන්න බෑ..ප්‍රතිඵල විඳ දරා ගන්නවා ඇරෙන්න..

"එච්චර දෙයක් වෙලත්,ඔයා ඒක සැහැල්ලුවෙන් ගත්ත හැටි නං හරි ශෝක්,හැබැයි ඒ කරපු වැඩෙන් කියලත් මට හොඳක් වුන් නෑ.. මං යනවා.."

අසල් ඉන්න කියලා මැරෙන්න හදද්දි ශේන්යා එන්න ආවා...තමන්ගෙ තාත්තට යමක් කියන්න බැරි කමට,ශේන්යා එන්න ආවා...කොච්චර වුණත් ඒ තමන්ගෙ තාත්තා නිසා..ඒත් මේ වරද ට සමාව දෙන්න පුලුවන් වෙයිද කියලා ශේන්යාට විශ්වාසයක් නෑ ..

emotions (Completed)✓✓Where stories live. Discover now