21st emotion

302 52 8
                                    

"අනේ ප්ලීස් අම්මා...එකම එක පාරක් බලන්න දෙන්න......"

"කියන දේ අහන්න චූටි මැණිකෙ...ඔයාට දරා ගන්න බැරි වෙයි..."

පන්සල් යනවා කියලා ගෙදරින් ආව මං දැං මේ ඉන්නෙ විතූගෙ වෝඩ් එක ඉස්සරහ...ඒත් විතූගෙ අම්මා මගෙ පස්සෙන් එලවා එලවා කියන්නෙම විතූව දැක්කම මට දරා ගන්න බැරි වෙයි කියලා,..යන්තන් ඒ අතින් මිදිලා මං වෝඩ් එක ඇතුලට දිව්වා...තරුමිණියත් මගෙ පස්සෙන් දුවන් ආවා කෑ ගහ ගහ...

මං යද්දි සිහිය ඇවිත් විතූ ඉන්නවා ඇස් ඇරන් හේශාන් අයියා එක්ක කතා කර කර...එයාගෙ ඔලුව වටේ බැන්ඩේජ් කරලා...අතකුය් කකුලකුයිත් බැන්ඩේජ් කරලා.... මං දුවන් ගියාම එයා මං දිහා බලලා,ආයෙ හේශාන් අයියා දිහා බැලුවා..එයාට සිහිය ආව බව දැනගත්ත වෙලාවෙ ඉඳලා මං මූණෙ පුරවං උන්න හිනාව මාව දාලා යන්නැති....තරුමිණියා ගිහින් හේශාන් අයියා ලඟින් වාඩි වුණා... මං කතා නොකර එයා දිහා බලං හිටියට එයා මං දිහා බලං හිටියෙ නෑ....කිව්වත් වගේ එයාට මාව අමතක වෙලාද....

"ශෙනා මේ තරුමිණි මගේ කෙල්ල...උඹට මතකද...?"

මට ඇහුනා හේසාන් අයියා එයාගෙන් ඇහුවා....

"මොන ලබ්බක්වත් මතක නෑ බං....යන්තං ඉස්කොලෙ ගියපු ඒවා අතරිං පතර මතක් වෙනවා එච්චරයි..."

හේසාන් අයියා මං දිහා බැලුවෙ සෑහෙන්න අසරණ වෙලා...

"මේ නංගිගෙ යාලුවද අර...?"

අකුණු හත අටක් එකපාර පුපුරලා ගියා වගේ මාව ගැස්සුනා...මතක අමතක ඇති කියලා දැනන් හිටියට ඇත්තටම මාව අමතක ඇති කියලා හිතුවෙ නෑ...එයාට මාව මතක නෑ....එයාට මාව මතක නෑ...මගෙ ඔලුව ඇතුලෙ කටහඬක් ඇහෙන්න ගත්තා..ඇස් වලට කඳුලු පිරීගෙන ආවා...

"මං එළියෙන් ඉන්නං අයියෙ..."

මං හැරිලා එළියට ආවා...ඔලුව ඇතුලෙ තාමත් අර කටහඬ කෑ ගහනවා...එලියෙ පුටුවකට වෙලා හූල්ල හූල්ල හිටපු අම්මා මං ගාවට දුවන් ආවා....

"චූටි මැණිකෙ...."

මං අම්මා එක්ක හිනාවුනා...

"මුකුත් කියන්නෙපා අම්මා...ලබා උපන් හැටි කියලා මං පැත්තකට වෙන්නං අම්මා.... මං පැත්තකට වෙන්නං... මං...මං..."

emotions (Completed)✓✓Tahanan ng mga kuwento. Tumuklas ngayon