25th emotion

240 43 10
                                    

"චූටි අක්කෙ..."

"ම්ම්..."

"මොකක් හරි අවුලකෙයි ඉන්නෙ...?"

මං හාන්සි වෙලා හිටපු  ඇඳට ඉස්සරහින් සෝෆා එකේ වාඩි වෙලා පොඩ්ඩා අහනවා...

"නෑ අර මොකො එහෙම ඇහුවෙ..?"

"නෑ නිකන් ලොකු අවුලක වගේ...තමුසෙ මෙව්වා බොනවත් වැඩියි දැන් දැන්..."

මගෙ අතේ තිබ්බ බියර් එක පෙන්නලා පොඩි එකා නාහෙ අකුල ගත්තා....

"එහෙම නෑ අනේ...ඇයි දැන් මේ මෙතන අද පාඩං කරන්න නැද්ද..?"

"තියනවා අයියෝ...තව සතියයි තියෙන්නෙත්...ඔයත් මොනව අහනවද මන්දා චූටි අක්කෙ..."

"තියෙ නං ගිහින් පාඩං කරන්නකො...යද්දි ලැප් එක ගෙනත් දීලා යන්න මට...ක්ලාස් එකේ වැඩක් තියෙ ඉවර කරන්න..."

මීට සති දෙකකට කලින් ගිය කෝස් එකේ වැඩ ටිකක් තිබ්බ නිසා මං පොඩ්ඩට එහෙම කිව්වා....මේ සති දෙකෙ වැදගත් කියලා යමක් වුණා නං ඒ මං අයි ටී කෝස් එකට ගිය එකම විතරයි...වැඩ අස්සෙ සතියට දවසක් මං කොස් එකටත් වැය කරා... මොනවා නැතත් අනාගතේ හදා ගන්නෙපැයි නැද්ද.....

ආත්මා ගියා ගියාමයි මට කතා කරෙත් නැති වෙද්දි දැනෙන හිස්කම සාංකාව යවා ගන්න අම්මා නොහිටිය ගොඩක් දවසට මං බියර් එකක් අරං ගෙදර ඇවිත් බොන එක පුරුද්දට ගිහින්...අම්මා ඉන්න දවසට නං එයා එක්ක ඉද්දි බොන එකයි සේරම අමතක වෙලා යනවා...ඒ තරං අම්මගෙ දවසේ රස කතා මගෙ කන් වල පිරිලා....
_____________________________________

"චූටි මොකද්ද තමුසෙ මේ අලුතෙන් පටං  අරං තියන පුරුද්ද කියනවා...?"

සුදූ පරල වෙලා....ඇයි දැං මෙයා මෙතන..? කැම්පස් එක ඇතුලෙ පුපුරන්න තිබ්බ බෝම්බයක් මගෙ කාමරේට ගෙනාව හාල් පාරුවා කවුත හැබෑටම....

"නිවාඩු ආවා නං,කාමරේට ගිහිං නිවාඩු පාඩුවෙ ඉන්නවකො ගොං සුදූ...මගෙ කාමරේ අස්සෙ රිංගන් මොකද කරන්නෙ..?"

මං බැල්කනියෙන් එපිටක් බලාගෙන කියෙව්වා....

"එනවා මෙහෙ ඕක තියලා..."

සුදූ මගෙ අතිං අදිනවා...මං මූණට වැටුන තෙත කොණ්ඩෙ ගැසුවා...

"පහළට යං... මං මේ චුට්ට ඉවර කරලා එන්නං..."

emotions (Completed)✓✓Where stories live. Discover now