24th emotion

328 50 26
                                    

"ඔයා යනවද....?"

ආත්මා එයාගෙ දිග කොණ්ඩෙ ගොතනවා.. මං එයාගෙ ලඟට ගිහින් ඒ මූණ ට එබුනා...

"හ්ම්..."

"....."

"මං එක්සෑම් කරන්නෝන විතූ..."

"හ්ම්.."

මං මුකුත් නොකියම එයා දිහා බලං ඉන්නවා ඉතිං....තව මාස දෙකකට පස්සෙ එන අගෝස්තු වල එයා එක්සෑම් ලියාවි....තාමත් ඉස්සර වගේම ඒ දිග කොණ්ඩෙ ලස්සනයි....බෝල ඇස් වල හැඟීම් පිරිලා....මට ඇස් ගන්න නොහිතෙන තරම් ලෝබ කමක් දැනුණා.... මං බලං ඉද්දි එයා මං දිහා බලලා බිම බලා ගත්තා...

"ඇයි ඔහොම බලන්නෙ..?"

"මුකුත් නෑ.."

මං අහක බලන් පැත්තකට වුණා..එයා දාන් ආපු සෙරෙප්පු දෙක අතට අරන් සෝෆා එකේ වාඩි වුණාම මං එයාගෙ අතින් සෙරෙප්පු දෙක ගත්තා...

"ඕක දෙන්නකො..."

එයා කුරු කුරු ගෑවට මොකො, මං එතන බිමට පහත් වෙලා එයාගෙ කකුලක් අත් වලට අරන් පරිස්සමට සෙරෙප්පුව දාලා පටි දෙකෙ ගාංචු තද කරා...චූටි කකුල් දෙකටම සෙරෙප්පු දාලා කකුල් දෙක බිම තියලා මං එයා දිහා බලද්දි බෝල ඇස් වල කඳුලු තියන් මං දිහා බලන් ඉන්න එයාව දැක්කම මගෙ හිතත් කෑලි වෙලා යන්න හැදුවා...

"මං චූටි මැණිකෙව රිද්දුවද..?"

මං ඒ කකුල් දිහා බල බල අහද්දි එයා නෑ කියන්න ඔලුව වනලා,හිමීට උන්න තැනින් නැගිටිද්දි මාත් එයා එක්කම නැගිට්ටා...එයාගෙ ලොකු ඇස් මගෙ ඇස් අස්සෙ මොනවද හෙව්වා...මං දන්නවා ඔය හොයන්නෙ එයාගෙ විතූව,කියා ගන්න තිබ්බා නං උඹ හොයන මනුස්සයා උඹ ඉස්සරහමයි කියලා.... මං හරි අමාරුවෙන් මාව පාලනය කරන් ඉන්නෙ මගෙ චූටි...එයා අඩියක් තියලා මට ලං වෙලා මගෙ සාක්කු වලින් එළියෙ තිබ්බ අතේ ඇඟිලි වල එයාගෙ ඇඟිලි පටල ගත්තා..

"මෙහෙම කරලා මගෙ ආත්මෙම මෙතනට හිර කර ගන්නෙපා...

(එයාගෙ අත මගෙ පපුව උඩ රැඳුණා)

...හරි වේදනයි මට..ආත්මෙන් බාගයක් තියලා යන ඒක හරි අමාරුයි විතූ..තව චුට්ටක් හරි හිටියොත් ඔයා ආයෙ ආයෙම ඒ දේ කරයි... මං යන්නං...."

emotions (Completed)✓✓Where stories live. Discover now