CHAPTER 43(Final Chapter)

923 112 158
                                    


යුංගි හිටියෙ ජේකේගෙ ප්‍රධාන ම වධකාගාරය තිබුණ බේස්මන්ට් එකේ....ලා කහ පාට මලානික එළියක් විහිදෙන කොරිඩෝවක් දිගේ ඇවිදගෙන ගිය යුංගි අහමඩ් ඇරලා දුන්න දොරෙන් ඇතුළ් වුණේ සුදු පාට විදුළි බුබළක් දැල්වුණ පුංචි කාමරේකට....

"අරූව ගෙනෙන් අහමඩ්..."

යුංගි ටූල් බොක්ස් එකක එළියට ඇදලා තිබුණ දේවල් ආයෙම ඇතුළට දාන ගමන් කීවෙ අහමඩ් යුංගිට ඔලුව නමලා කාමරේ කෙළවරේ තිබුණ සාමාන්‍ය මනුස්සයෙක්ගෙ ඉන හරියට විතර උස යකඩ කූඩුවකට දාලා තිබුණ යකඩ ඉබ්බා යතුරෙන් ඇරලා කූඩුව ඇතුළෙන් මොනවා හරි එළියට ඇද්දා....

එතන හිටියෙ ජේහ්‍යුන්....කාලෙකට කලින් මාෆියා වර්ල්ඩ් එකේ උසස්ම තැනක වැජඹුණු කිම් ජේහ්‍යුන් මාස හතකට ආසන්න කාලයක් හිටියෙ බලු කූඩුවක් වාගෙ පුංචි අපිරිසිදු ඉඩක හිර වෙලා ඉර එළිය බින්දුවක්වත් නොදැක....

එදා ටේහ්‍යුන් වැඩිය නොහිතා එයාගෙ හ්‍යුන්ව මරන්න එපා කියලා ජේකේගෙන් ඉල්ලුව නිසා ජේකේ ජේහ්‍යුන්ව මැරුවෙ නැතත් මැරුණා නම් කියලා හිතෙන තැනට විඳවන්න වැඩ කළා....

අහමඩ් ඇදගෙන එද්දි ජේහ්‍යුන් පණක් නැතිව ඔහේ බිම දිගේ ඇදිලා ආවෙ ජේහ්‍යුන්ගෙ කකුල් දෙක දැනට ඹ පණ නැති වෙලා නිසා...ටේහ්‍යුන්ව ඇක්සිඩන්ට් කරවලා, ඇස් දෙකත් අන්ධ කරලා,ටේහ්‍යුන්ට විඳවන්න සැලැස්සුව එකටත් තමන්ගෙ අතින් ම එයාට කරදර කෙරෙව්ව එකටත් කේන්තිය යනකල් ම ජන්කුක් ජේහ්‍යුන් ට ගැහැව්ව එකේ ප්‍රතිඵල විදියට ජේහ්‍යුන්ට ඇවිදින්න බැරි වුණා....

ජේහ්‍යුන්ගෙ අත්වල, පපුවෙ ,මූණෙ හැමතැනම කැපුම් තුවාල,පිලිස්සුම් තුවාල වැහි වැහැලා තිබුණා....ඒ එකකටවත් හරි හමන් බෙහෙතක් නොකළ නිසා එකක්වත් හරියට හොඳ වෙලා තිබුණෙත් නෑ....ඒ හැම එකක් ම පහුගිය මාස ගාන පුරාවට යුංගි බීලා ඉද්දි කේන්ති ගිය ඒවගෙ මතක....යුංගි ජේහ්‍යුන් සිහි නැතිවෙනකල් කසපාර දුන්න දවස් ගාන යුංගිට ම මතක නැතිව ඇති....ජේහ්‍යුන් කරපු වැරදි වලට ඒ තරම් විඳෙව්වා...

තනියම කළුවරේ ඉද්දි තමනෙ හිතෙනුත් ජේහ්‍යුන්ට නිදහසක් ලැබුණෙ නෑ....ඔම්මට කරපු දේවල්,අප්පාව මැරුව හැටි,තමන්ට ගොඩක් ආදරේ කරපු මල්ලිට කරපු දේවල්....ඒ හැමදේම ජේහ්‍යුන්ට මැවිලා පෙනෙද්දි ජේහ්‍යුන් පිස්සෙක් වුණා....තමන්ට කියන්න ඕන දේ පැහැදිලි ව කියා ගන්න බැරි ගානට ජේහ්‍යුන් උමතු වුණා....

The Misplaced Teddy || TK Where stories live. Discover now