CHAPTER 40

367 84 49
                                    


6 months later

මධ්‍යම රාත්‍රී දොළහ පහුවෙලා පැය භාගයකට වඩා ගත වෙලා තිබුණත් සුදු පාට බෙන්ස් එකක්  සෝල්වල තිබුණ හොඳම රාත්‍රී සමාජශාලාවලින් එකක් ඉස්සරහ වේගෙන් ඇවිත් නතර කළා....

ඒකෙන් බැස්සෙ අවුරුදු දෙකකට තුනකට කලින් මෙතන ම නතර වෙලා හිටියත් ළඟකදි ආසාවට මේ තැනට ආව කෙනෙක් නම් නෙවෙයි....

තරුණයා වාහනේ අනිත් පැත්තෙ දොර ඇරියාම එළියට බැස්සෙ සමාජශාලාවකට එයි කියලා හිතන්න අමාරු ඒත් සරාගී ලස්සනක් තියෙන කොල්ලෙක්....අඳුරන්නෙ නැති අය ඒ යුවල ඒ විදියට හැඳින්වුවත් ආරක්ෂකයො හැම කෙනෙක්ම ජියෝන් ජන්කුක් වගේම ජියෝන් ටේහ්‍යුන්වත් හිස නමලා පිළිගත්තා...

ටේහ්‍යුන්ගෙ අත තද කරලා අල්ල ගන්න ගමන් තමන්ගෙ බ්ලොන්ඩ් කලර් දිග කොණ්ඩෙ අතින් පැත්තට කරලා හදපු ජන්කුක් ආරක්ෂකයින්ව ගණන් නොගෙන වේගෙන් ඇතුළට ඇවිදගෙන ගියේ ටේහ්‍යුන් පුළුවන් විදියට ආරක්ෂකයින්ට ආපිට ආචාර කරමින් ජන්කුක් පස්සෙන් ඇදිලා යද්දි...

බිමට ම දිග ජන්කූක්ගෙ ලොකු කබාය ඇතුළෙ ගිලිලා ඉන්න ටේහ්‍යුන්ගෙ බකට් හැට් එක නිසා ඇතුළෙ හිටිය කාටවත් ටේහ්‍යුන්ව පෙනුණෙ නැතත් ජන්කුක් ටේහ්‍යුන්ගෙ ඉණ වටෙන් අත දාලා ටේහ්‍යුන්ව තමන්ගෙ ඇඟට තද කරගෙන හිටියෙ  ජන්කුක් ගැන දන්න කිසිම කෙනෙක් ටේහ්‍යුන් දිහා බලන එක නතර කරන්න ඒ පුංචි සංඥාව හොඳට ම ප්‍රමාණවත් නිසා....

ඈත තියා ම හෙසෝක් ඉන්න මේසෙ හොයා ගත්ත ජන්කුක් වටේ අයව නොසලකා හැරලා දිගටම ඒ පැත්තට ඇවිදගෙන ගියේ මීට කලින් සමාජශාලාවක ඇතුළ දැකලා නොතිබුණු ටේහ්‍යුන් බයට ම තවත් ටිකක් ජන්කුක්ට තුරුල් වෙද්දී....

"මොකක්ද ප්‍රශ්නෙ හෙසෝක් හ්‍යුන්?"
ජන්කුක් තරමක කේන්තියෙන් ඇහැව්වෙ මේ වගේ තැනකට ටේහ්‍යුන්ව එක්කරගෙන එන්න සිද්ධ වුණ නිසා....

"මූට මොන තරම් යමන් කීවත් යන්න බෑ කියනවා....ටේහ්‍යුන්ව අහනවා....මම කිව්වා ජියෝන් මැන්ශන් එකට යමු කියලා...ම්හු...මූ හොලවන්න බෑ මෙතනින්....බලපන් බීපු තරමක්....මූ බීලා බීල ම මැරෙනවා මං දන්නෝ.... හැමදාම මෙහෙමයිනෙ බං...."

The Misplaced Teddy || TK Hikayelerin yaşadığı yer. Şimdi keşfedin