CHAPTER 12

389 87 71
                                    


හෙමින් ඇස් දෙක ඇර ගත්ත ටේහ්‍යුන් අමාරුවෙන් තමන්ට අතට දැනුණ විදියෙන් මෙට්ටයක් කියලා අනුමාන කළ දේට වැලමිට තියලා ඉස්සුනේ වාඩිවෙන්න හිතාගෙන වුණත් ටේහ්‍යුන්ට දැනුණා තමන්ගෙ කකුල මොකකට හරි හිර වෙලා කියලා......කකුල අතගාලා බැලුව ටේහ්‍යුන්ට සීතලට ලෝහ වගේ යමක් අහුවුණා ම ටේහ්‍යුන්ට තේරුම් ගියා තමන්ව පැහැරගෙන ඇවිත් කියලා....

ජීවිතේ පළවෙනි වතාවට ටේහ්‍යුන්ට හිතුණා තමන්ගෙ ඇස් පෙනුණ නම් කියලා....ඉන්න තැනක් වටේ සිද්ධ වෆන දෙයක් නොදැන ඉන්න තැනින් හෙලවෙන්නවත් හිතේ විස්වාසයක් නැති වෙද්දි ටේහ්‍යුන්ට දැනුණෙ පුදුම අසරණකමක්.....ටේහ්‍යුන්ට ඕනෙ වුණේ මේක හීනයක් කියලා හිතලා අමතක කරලා දාලා එයාගෙ ඒන්ජල්ට තුරුල් වෙන්න....බය වැඩිකමට ටේහ්‍යුන්ගෙ කටින් වචන පිටවුණේ නෑ.....තමන් එක්ක පාරෙ ඇවිදගෙන ආව සූහො හ්‍යුනුත් ඉන්නවද බලන්න කතා කරන්න ඕනෙ වුණත් ටේහ්‍යුන් බයට ම ගොලුවෙලා....එකදිගට ඒන්ජල් ව මතක් වෙද්දී ටේහ්‍යුන් ඒන්ජල් දුන්න මාලෙ අතට ගුළි කරගන්න හැදුවත් ටේහ්‍යුන්ට දැනුණා තමන් දාගෙන හිටිය මාලෙ,මුදු දෙක,කරාබු ඒ මොනවත් දැන් තමන් ළඟ නැති බව.....බයටම ඇඳ මුල්ලෙ බිත්තියට හේත්තු වෙලා කකුල් දෙක පපුවට තද කරන් සද්දෙ නෑහෙන්න ඉකි ගැහුවෙ වටපිටාව ගැන කිසිම අවබෝධයක් නැතිව එයාට තනියම මොනවත් කරගන්න බෑ කියන අසරණකම හොඳට ම දැනෙද්දී....
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

හ්වාසාව මරාගෙන කන තරහෙ පුපුර පුපුර වාහනේ ඇතුළෙ ආව නම්ජුන් ලොකු හුස්මක් පාත දාලා වාහනෙන් බැස්සෙ එයාගෙ මූන්ව බලන්න යද්දි මූණ අවුල් කරගෙන යන්න බැරි නිසා.....පඩිපෙළට කකුල තිබ්බ නම්ජුන් නතර වුණේ කාලෙකින් ඇහුණ හුපුරුදු කටහඬක් නිසා....

"ජූන් හ්‍යුන්?"

හැරිලා බැලුව නම්ජුන් දැක්කෙ සෝෆා එක ළඟ හිටගෙන ඉන්න ජිමින්ව.... ඉස්සර හිටිය හුරතල් අහිංසක කොල්ලා වෙනුවට දැන් ඉන්නෙ ගොඩක් කඩවසම් තද ගතිගුණ තියෙන බව බැලූබැල්මට පෙනෙන තරුණයෙක් වුණාම නම්ජුන් පුදුම නොවුණාමත් නොවෙයි...ජිමින්ට හග් එකක් දුන්න නම්ජුන් ජිමින් එක්ක හිනා වුණා...

The Misplaced Teddy || TK Opowieści tętniące życiem. Odkryj je teraz