CHAPTER 10

458 91 23
                                    


ජිමින් හිටියෙ ටේහ්‍යුන් එක්ක ජේජුවල තිබුණ ලස්සන ම දිය ඇල්ලක් ළඟ ගලක් උඩ වාඩිවෙලා එයාගෙ වීනස්ව පපුවට තුරුල් කරගෙන....දැන් පැයක් විතර තිස්සෙ දෙන්නම ඇස් පියාගෙන වටෙන් ඇහෙන කුරුල්ලන්ගෙ සද්ද, දියඇල්ලෙන් වතුර වැටෙන සද්දෙ වගේ එක එක දේවල් අහගෙන ඉන්නවා....වීනස් තමන්ගෙ පපුවට ඔලුව තියාගෙන ලොකු හුස්මක් ගන්නවා ඇහුණාම ජිමින් ඉක්මනින් ඇස් ඇරියා....

"මොකක්හරි ප්‍රශ්නයක් ද වීනස්? ඔයාට මහන්සිද?"

ජිමින් ටේහ්‍යුන්ගෙ මූණ කම්මුල් දෙකට අත තියලා තමන්ගෙ පැත්තට හරව ගනිද්දි ටේහ්‍යුන්ගෙ කළු පාටට හුරු අළු ඇස් අරමුණක් නැතිව එහෙමෙහෙ ගියත් ඒ මූණෙ ලස්සන හිනාවක් ඇඳුණා....

"අනී....මට මං මොනතරම් වාසනාවන්ත ද කියලා හිතුණා ම ඔයාට තුරුල් වෙන්න හිතුණා....මම හොඳින් ඒන්ජල්....ඔයා ළඟ ඉද්දි මම හැමදාට ම වඩා හොඳින්..."

ටේහ්‍යුන් ජිමින්ගෙ මූණ වටේ ඇඟිල්ලක් අරන් යන ගමන් කියද්දී ජිමින්ගෙ පපුව අමුතු විදියකට රිදුණා....

"හහ්....ඔයා මං එක්ක ලන්ඩන් යන්න එන්නෙ නැත්තෙ ඇයි ඒන්ජල්? අපිට ඔයාගෙ ඇස් දෙක හොඳ කරන්න පුළුවන්...ඇයි ඔයා හිතුවක්කාර වෙන්නෙ වීනස්?"

"හ්ම්...මට කාලයක් හිතුණා...මටත් ආයෙ පෙනීම ලැබෙනවා නම් කියලා.... කාලයක් තිබුණා මම මහ අවාසනාවන්ත මනුස්සයෙක් කියලා මට හිතුණ......ඒත්.....දැන් මට මගෙ ඒන්ජල් ඉන්නවා.... මං ළඟින් ඉන්න ඒන්ජල්....මගේ කියලා මොනවත් ම නැති මට ඔයාගෙන් වෙන මොනවත් එපා.... මං ළඟින් ඉන්න....."

ටේහ්‍යුන් එහෙම කියලා ජිමින්ගෙ බෙල්ල වටෙන් අත් දෙක දාලා ජිමින්ට තුරුල් වෙද්දි ජිමින් ටේහ්‍යුන්ගෙ ඉන වටෙන් අතක් දාලා උරහිස වටෙන් අනිත් අත දාලා ටේහ්‍යුන්ව තව ටිකක් එයාට ළං කර ගත්තා....

"ඒන්ජල් ඔයාව දාලා කොහේවත් යන්නෙ නෑ වීනස්....බය වෙන්න එපා.....මේ ඒන්ජල්ගෙ තුරුල්ලෙ හැමදාමත් ඉඩ තියෙන්නෙ එයාගෙ වීනස් ට විතරයි.....ඒක හැමදාට ම එහෙමයි....ඒත්....මං වෙනුවෙන්....ඊළඟ මාසෙ මම ලන්ඩන් යද්දී මං එක්ක යමු වීනස්...චේබල්....එතකොට ඔයාට මීට වඩා සතුටෙන් ඉන්න පුළුවන්....පුංචි සර්ජරි එකක්....මම ප්‍රොමිස් වෙනවා ඒ ඩොක්ටර්ස්ලට මගෙ වීනස්ට ඉද්දන්න දෙන්නෙ නෑ මම... මං වෙනුවෙන් එන්න වීනස්...."

The Misplaced Teddy || TK Where stories live. Discover now