දහහත

1.4K 264 21
                                    

උදේ ඇහැරුනාට මට ඇඟට කිසිම පණක් තිබුනෙ නෑ. මාර අමාරුයි.
දහපාලොස් දෙනෙක් එකතු වෙලා ගහලා වගේ.

අම්මේ,
ඔයා හිටියා නම් මගේ ලඟ...

මෙහේ හොඳයි තමයි ඒත් මං කොහොමද කැමති දෙයක්වත් ඉල්ලන්නෙ?
කොහොමද අනේ මට රිදෙනවා කියලා අඬන්නෙ?
කවුද මගේ ඔළුව උකුල උඩ තියාගෙන අතගාන්නෙ?
අනේ, අම්මෙ, එන්නකො අම්මෙ මගේ ලඟට...
හිඟන්නෙක් වගේ තවත් මෙහෙම ඉන්න බෑ අම්මෙ..!

මං ඇඬුවා.
කාටවත් පේන්න නෙමෙයි.
හිතින්.
දරාගන්න බෑ මට තවත්.

තේජාන් මගේ නෙමෙයි.
එයාට කෙල්ලෙක් ඉන්නවා.
රෑ හීනෙන් එයාට තුරුල් වෙන්න විතරයි අම්මෙ මට පුළුවන්.
ඒත් එහෙම මුළු රෑ පුරාම එයා එක්ක ඉඳලා ඇහැරුනාම දැනෙන්නෙ එසේ මෙසේ වේදනාවක් නෙමෙයි.
ජිවිතේ වටිනම, නැතුවම බැරි කෑල්ලක් හිත පුරා විඳින්න දීලා එකපාරම ගලවලා දාලා වගේ.
මට රිදෙනවා අම්මෙ, ගොඩාක් රිදෙනවා!!!
තවත් මට ඉන්න බෑ....

ඇඟේ වේදනාව නෙමෙයි මේ හිතේ වේදනාව මට ඉවසගන්න බෑ දෙයියනේ,

ඔව්, මං අම්මට කතාකරලා එන්න කියනවා.
දැන් මාස එකහමාරකටත් ලඟයි.
අම්මාට ගොඩක් කල් ආච්චි එක්ක ඉන්න ලැබුනනෙ.
අම්මට එන්නම බැරි නම් මං යනවා අනුරාධපුරේ.
එහෙන් රස්සාවක් හොයාගන්න පුළුවන්නෙ.

මට තවත් බෑ!!!

අම්මට කෝල් එකක් ගන්න ෆෝන් එක හෙව්වා මං, ඒත් හොයාගන්න වුනේ නෑ.
ඒත් එක්කම කාමරේට ආවෙ ඇන්ටි.
මාව දැක්කම ඇන්ටිට සතුටුයි වගේ.

"අම්මේ, මගෙ කොල්ලා යාන්තම් නැගිටලා. ඊයෙ ආපු වෙලාවෙ ඉඳලම නිදිනෙ. ඉන්න මං මූණ හෝදගන්න වතුර ටිකක් ගේන්නම්කො"

"එපා ඇන්ටි. මං හෙමීට බාතෲම් යන්නම්."

"එපා, එපා පුතා,
පොඩ්ඩක් ඔහොම ඉන්න.

තේජාන්.... තේජාන්.... පුතා.....
ඉක්මනට එන්න....
මල්ලිට බාතෲම් යන්න ඕනලු...!"

බුදු අම්මෝ, මුළු මීගොඩම දන්නවැති මං ටොයිලට යනවා කියලා. ඇන්ටිගෙ කටත් ඉතින් අනේ මන්දා.
ලැජ්ජයිත් එක්ක.

"අනේ ඇන්ටි, අයියට කරදර කරන්න ඕන නෑ. මට යන්න පුළුවන්.
දැන් සනීපයි."

කඩුපුල් (Complete)Donde viven las historias. Descúbrelo ahora