නවය

1.6K 274 17
                                    

එදා දවසම මහසෝනා මගෙන් වැඩ ගත්තා.
මුලිම්ම වාහන හයක් හේදෙව්වා. කාර් හතරයි, වෑන් දෙකයි.
ඒ ඉවර වෙද්දි හොඳ පණ ගිහින්.

මොනා වුනත් ඊට පස්සෙ රහට කන්න නම් ලැබුනා හැබැයි.
චිකන් ෆ්‍රයිඩ් රයිස්!
මිනිහට සෙට් වෙන කෙල්ල නම් හෙන ලකී අප්පා! මායමක් දාලා කෑම බීම ටික ලඟටම සෙට් කරගත්තැහැකි.

බඩ පැලෙන්න කාලා, සෝෆා එක උඩ පොඩි හාන්සියක් දාලා ටීවී බලන්න කියලා හැදුවෙ මං. අද දවසට වැඩ කලා මදෑ.
කොහෙද ඉතින් මේ මල යක්ශයාගෙන් බේරිල්ලක් නෑ.

කාපු කෑම ටික දිරවන්න කලින් ආයෙම ඇදන් ගියා මාව.
ඔහොම ඉන්නවකො, ඔය වාහනේක වැඩක් එහෙම සෙට් කලොත් කෑලි එකින් එක ගලවලා දාන්නෙ.
ඊට පස්සෙ බලාගත්හැහැකි මහසෝනා කොහොමද ගමේ වසන්නෙ කියලා.

ඒත් ඉතින් මේ හරක් තඩියා මාව අරං ගියේ මහ විසාල වතුර කල්දේරමක් ලඟට.
බිම මජං ගෑවිච්ච කුණු රෙදි සෙට් එකක්.
බුදු අම්මෝ!!!
අවුරුදු ගානක එකතු වෙච්ච රෙදිද කොහෙදෝ මෙච්චර ගොඩක්!

"ආ! ඔය ඔක්කොම හොඳට කුණු යන්න හෝදලා දානවා.
බාගෙට හෝදලා කුණු පැල්ලම් එහෙම ඉතුරු කරලා අහුවෙන්නෙපා මට"

පුහ්! යකෝ!!
උන්දැට ගිය රටනෙ මේක!!!
ගරාජ්වල මජං රෙදිකෑලි හෝදනවද හැබෑට ඈ? මොකෝ ඕවා හේදුවා කියලා පෙරවගෙන පෙරහැරේ යන්නද නැත්තම් ප්‍රදර්ශනේට තියන්නද?
මෝඩ මැටි මීහරකෙක්!
මට වද දෙන්න බොරුවට ඇඟේ ගහන වැඩ. ඉඳපංකො බලාගෙන.
මං මේවට රිට'න් එක දෙන්න ගත්‍තම තේජානයෝ තමුසෙට කලිසමත් එපා කියලා දුවන්න වෙන්නෙ.
ඉඳපං ඔහොම හිනාවෙවී තව ටික දවසක්!

අනේ ඉතින් පණ ගියා. මජං රෙදි කෑලි කුණු ඉතුරු නොවෙන්න හෝදන්න පුළුවන්ද හැබෑට?
සූර පප්පගෙ වැඩ දොළහත් හොඳයි මීට වඩා!
දවල් එකේ ඉඳන් රෑ හත වෙනකල් හේදුවා. හේදුවා.. හේදුවා!!!
ඇඟිලිත් හමගිහිං අප්පා. මූ නම් මහසෝන් අවතාරයක්ම තමයි. මගෙ මූඩ් එක මේ දවස්වල හොඳ නිසා හොඳයි ප#යට. නැත්තම් බත් කන්න නෙමේ ආයෙම.

අම්මොහ්!!!
නැගිටගන්නත් බෑ කකුල් පණ නෑ වගේ.
තාරාවා වගේ වැනි වැනී ගිහින් රෙදිටික වැලේ වනද්දි මෙන්න පහළ වෙනවා යම රජා.

කඩුපුල් (Complete)Où les histoires vivent. Découvrez maintenant