දාහතර

629 159 42
                                    

---- දාහතරවන කොටස ----

ගෙදර ආව අසේලගේ හිතට කිසිම සැනසිල්ලක් නැහැ. මහ රෑ ඉඳන් දවස පුරාම අවදියෙන් ඉඳගෙන අසේල කල්පනා කලේ ඊලඟට මොකද්ද වෙන්නේ කියලයි.

"අපි ඩොක්ට ආනන්දව එක්ක සාකච්ඡාව... උදේ වෙනකොට නීතීපති දෙපාර්තමේන්තුවේ කට්ටිය මොකක් හරි ඩීල් එකක් දාගනී... දඬුවම ලිහිල් කරනවා කිව්වොත් මේ ගැන සම්බන්ද තවත් මිනිස්සු ගැන සාක්කි දෙන්න ඩොක්ට මැලිවෙන එකක් නැහැ." සේනාධීර මහත්තයා උදේ පාන්දරම අසේලට කිව්වේ බොහොම සතුටින්. 

ඒත් ඩොක්ට ආනන්ද ජූඩ් ගැන කියාවිද? කිව්වත් වැඩක් වේවිද? 

"එහෙම වුනොත් මේ වගේ මහා පරිමාන ජාවරම් කාරයින්ට ලොකු පාඩමක් ඉගැන්නුවා වෙනවා..." සේනාදීර මහත්තයා එයාගේ කතාව. "වැඩේ හරියටම කලට අසේලට අපි ගොඩක් ස්තුතිවෙන්න ඕනේ... දැන් අසේල ඔහොම ඉන්න අවශ්‍ය නැහැ. අපේ ක්වාර්ටස් වලට එන්න... මේ මොහොතේ ඉඳන් ආයෙමත් අසේල නිල සේවයට පිහිටෙව්වා කියලා හිතාගන්න... මම එගැන වගවෙනවා... මීට එහා මේ මිශන් එක ගැන වදවෙන්න අවශ්‍ය නැහැ, ඇහුනද කැප්ටන්?"

"එහෙමටි සර්.''

"ගුඩ්."

සේනාදීර මහත්තය ෆොන් එක කට් කලා.

අසේල උදේ ඉඳන් ඇදට ගොඩ එහෙට මෙහෙට පෙරලි පෙරලි හිටියා. ඇඟට දැනුනේ ලොකු තෙහෙට්ටුවක්.... හැබැයි තෙහෙට්ටුව මිසක් නින්ද එයාගෙ අහලකවත් නැහැ. 

දැන් ආයෙමත් අසේලට, අසේලගේ පරන පුරුදු ලෝකෙට යන්න කිසිම බාධාවක් නැහැ ...

එහෙත් ආයෙමත් සැරයක් හමුදා බැරැක්කයට යනවා කියලා හිතන කොටත් අසේලගේ පපුවේ කෙළවරක පුංචි වේදනාවක් හටගන්නවා එයාට දැනුනා. "නිවාඩු ගිහිල්ලා එන අපේ කට්ටියට දැනෙන්නේ මේ වගේ හැඟීමක්ද?" අසේල එයාගෙන්ම ප්‍රශ්න කරගත්තා.

එහි වේදනාවට හේතුව දෙනුවන් කියලා අසේලට වැටහෙන්න ගනිද්දී, කවදාවත් නොවුණු විදියට අසේලගේ ඇස් දෙකෙන් උණු කඳුළු බින්දු දෙකක් ගලාගෙන ගියේ එයාටත් හොරෙන්.

බාප්පගේ යොජනාවට දෙනුවන් කැමති වුනේ එයාට වෙන බලාපොරොත්තුවක් නැති නිසාද? අසේල ගැන දෙනුවන්ගේ හිතේ තිබුන විශ්වාසය නැත්තටම නැතිවෙලා ගිය නිසා ද? අසේලව බේරලා යවන්න කියලා ජූඩ්ට ආයාචනා කලේ දෙනුවන්ව ඒ තත්වයට පත් කලාට අසේලගෙන් පලිගන්න කියලා හිතාගෙන ද?

යලි නොඑන මතුදිනෙක | If Tomorrow Never ComesOù les histoires vivent. Découvrez maintenant