අට

660 156 25
                                    

--- අටවෙනි කොටස -

"දෙනුවන්ව බේරගත්තා කියලා බාප්පා මුකුත් සැකයක් හිතුවේ නැහැ?"

"නැහැ, සර්..."

"විශ්වාසද?"

"ඔව් සර්."

"බාප්පාගේ කිට්ටුවෙන් ඉන්න මිනිස්සුත් මුකුත් සැකයක් නැහැ?"

"නැහැ, සර්..."

ඩී

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඩී.අයි.ජී මහත්තයා ඉඳගෙන හිටිය පුටුවේ පිටිපස්සට හේත්තු වුණේ ඇස් යටින් අසේල දිහා බලාගෙන. සේනාධීර මහත්තයාගේ බැල්ම අසේලව නොසන්සුන් කලේ ඇයි කියලා අසේලටම හිතාගන්න බැහැ. වෙනදට ටොයිලට් එකේ සිද්ද වෙන කතාබහ එදා පොලිසියේ පොඩි කාමරයක් ඇතුලේ. ජනෙල් දොරවල් වහපු කාමරේ ඇතුලේ එකම එක සුදු පාට විදුලි බුබුලක් දල්වලා. වටේටම තිබුණේ ෆයිල් කවර උඩට උඩට ගොඩගහපු යකඩ රාක්ක.

ඒ වෙනකොට පැය භාගයක් තිස්සේ මෙහෙයුම් අධයක්ශකතුමා අසේලගෙන් විස්තර අහනවා. එකම දේ... එක එක විදිහට.

හරියට අසේල ඇත්තටම වැරැද්දක් කරලා බුද්ධි අංශයෙන් හැංඟෙන්න හදන මිනිහෙක් වගේ ප්‍රශ්න කෙරීගෙන යනවා කියලා අසේලට ඒ වෙද්දී දැනෙන්න පටන් අරගෙන.

'මම මුකුත් වැරැද්දක් කලාද?' අසේල එයාගෙන්ම ප්‍රශ්න කරගත්තා. එහෙම වැරැද්දක් කරපු බවකුත් අසේලට මතක නැහැ. ඇරත්... ප්ලෑන් එක තිබුණේ දෙනුවන්ට කිට්ටු වෙන එක. දැන් ඒක උවමනාවටත් වඩා සාර්ථක විදිහට වෙලා තියෙද්දිත්.... ඇයි සේනාධීර මහත්තයා අමුතු විදිහට බලන්නේ?

"මොනවද දෙනුවන් ගැන හිතන්නේ?"

"මම ඊමේල් එකෙනුත් කිව්වා වගේ සර්, දෙනුවන් ඉන්නේ කැමැත්තකින් කියලා හිතන්න අමාරුයි." අසේල ඉවසිල්ලෙන් ආයෙමත් කලින් දවස්වල එක දිගටම ලියාගෙන ගිය විස්තර වමාරන්න පටන් ගත්තා. කටින් පිටවෙන වචන බොහොම ප්‍රවේසමෙන් අසේල පාවිච්චි කලේ වැරැදියට පිටවෙන එක වචනයක් නිසා දෙනුවන්ව මේ ප්‍රශ්නවලින් ඈත් කරලා තියන්න උත්සහ ගන්න ගැනිල්ල සම්පූර්නයෙන්ම විනාශ වෙන්න පුළුවන් නිසයි.

යලි නොඑන මතුදිනෙක | If Tomorrow Never ComesWhere stories live. Discover now