How can I save you? 💌

ඇබීට එවෙලේම හැනාගෙන් reply එකක් ආවා..


ඔහ්හ් මේ ඉන්නේ ඔයා.. ඔයාට කැමති විදිහකට සේව් කරන්න  💌

Okay.. I will save you.. just.. Hannah 💌

Nooo!!! ... Don't save me just Hannah.. save me Hannah with a purple heart 💌


Okay! Ha ha ha 💌



හැනා එක්ක msg කරද්දී ඇබීට නිකන්ම හිනා යනවා.. ඇබීගෙ කාමරේ දොරත් අරගෙන එකපාර ඇතුලට ආවෙ ජෝ..


" මේ ඔයා වැඩක් ද "

" නෑ.. වැඩක් නැහැ "

" ඇයි? "

" මොකක්ද ඇයි? "

" මොකද තමුසේ හිනා වෙන්නේ " ජෝ කට ඉරක් කරගෙන අහද්දි හිනාව නවත්ත ගත්ත ඇබී.,

" නෑ.. මං හිනා උනේ නෑ "

" වෙන්න බෑ.. මං දැක්කා නේ මං එද්දි ඔයා තනියම හිනා වෙනවා "

" නෑ නෑ අනේ.. මං හිනා උනේ නෑ "

" එහෙමද.. මට හිතාගන්න පුළුවන්.. ඔය වයසට කොහොමත් තනියම හිනා යනවා තමයි "

" ජෝ! ...  "

" හිනා වෙලා ඉවර උනාම පහලට එන්න " ජෝ ඇබීට ඇහැක් ගහලා දොර වහගෙන පහලට ගියා..













NEXT DAY,


ඇබී අද class ගියෙ පරක්කු වෙලා.. ඒ නිසා එයාට පලවෙනි period එක මිස් උනා.. ඇබී ඇවිද ගෙන එද්දි හැබීට පිටිපස්සෙන් කව්රුහරි එයාගේ නම කියල කතා කරනවා ඇහුනා.. ඇබී පිටිපස්ස හැරුණාම දැක්කේ එයාගේ දිහාවට දුවගෙන එන හැනාව.. ඇබී හැනාට යන්තමට හිනා උනා

" අද ඔයා පරක්කුයි නේද "

" ඔව්.. අද ටිකක් පරක්කු උනා "

" මේ.. මේ මට පොඩි උදව්වක් ඕන "

" මොන වගේ එකක් ද.. පුලුවන් දෙයක් නම් කරන්නම් "

" මට ආරංචි උනා ඔයා maths වලට පට්ට දක්ෂයි කියලා.. ඇත්තටම මට maths පොඩ්ඩක්වත් බැහැ.. ඔයාට පුළුවන් ද මට maths  කියලා දෙන්න.. පාස් වෙන තරමට ඇති "


" ඒක ද උදව්ව.. ප්‍රශ්නයක් නැහැ.. මට පුළුවන් ඔයාට ඒ උදව්ව නම් කරන්න "


WHAT IF I KILL YOU IN THE END? [GL]Where stories live. Discover now