" මොකක් කිව්වා "

" ඔයා ඒක බල්ලට දානවා.. මෙහෙම ගියොත් මේ ගෙදරත් අපෙ ගෙදර වගේ වෙයි " ඇබී පැන්ට්‍රිය උඩ ඉදගන්න ගමන් කියද්දී.,

" මොකක්ද ඒ ගෙදරට වෙලා තියෙන්නේ "

" ඇයි අනේ.. අපේ ගෙදර ඉස්සර ඉදන්ම තිබ්බේ ස්ත්‍රී ආධිපත්‍ය නේ .. ඒක ගැන කිව්වේ "


" ඉතින් ඒක මොකටද දැන් මෙතනට.. ඒකෙයි මේකෙයි සම්බන්ධයක් නෑ නේ "  ට්‍රිස් අත් දෙක ඉනට තියාගෙන අහද්දි,


" තියෙනවා නේ.. අයියෝ අයියේ.. මේකනේ.. දැන් බලන්නකෝ..... " ඇබී දේශනයක් පටන් ගන්න යද්දිම බය උන ට්‍රිස්.,


" හරි හරි.. වැඩි විස්තර ඕන නෑ.. ස්ත්‍රී ආධිපත්‍ය නෙමෙයි මොන ආධිපත්‍ය තිබ්බත් ජෝ ඔයා මෙතන අස්.... ජෝ...... ජෝ ......... " ට්‍රිස් කතා කරන ගමන් ජෝ හිටපු පැත්ත බලද්දී ජෝ එතන හිටියේ නැහැ.. ඇබී හිනා වෙලා හිමීට පැන්ට්‍රියෙන් බැහැලා ට්‍රිස් ලගට ඇවිත්.,


" ජෝ මෙතනින් ගිහින් දැන් විනාඩි පහකටත් වැඩියි.. එහෙනම් අයියේ මෙතන අස් කරලා උඩට එන්න " ඇබී කෑ ගහල උඩට දුවද්දී කේන්ති ගියපු ට්‍රිස්.,

" තමුසෙලා දෙන්නා අහු වෙනවකො මට... "













ANOTHER DAY,



Class  ඉවර වෙලා ඇබී පයින්ම ගෙදර යන ගමන්.. මිෂෙල් ඇබී දෙන්නා දෙපැත්තක ඉන්න නිසා දෙන්නා යන්නේ තනියම.. යන ගමනුත් ඇබී හිටියේ මිෂෙල් එක්ක කෝල් එකක



" පවුල, ස්ථාවර වෙන එක.. නිකම් අදහසක් විතරයි " මිෂෙල් කියද්දී ඇබී.,

" මං හිතන්නේ නෑ... අම්මට ඒ හැමදේකටම ඕන උන කෙනා අවුරුදු 7ට කලින් කන්ටේනරේකට යට උනා.. එදායින් පස්සෙ එයා තාත්තා ගැන කතා කරේ නැහැ "

" උබ අවුලෙන් ද "

" මං මොකටද අවුල් වෙන්නේ..  මං දැන් ඒ ගැන හිතන්නේ නෑ "

" හිතන්නේ නෑද., හිතන්න බෑ ද "

" ඒ දෙකම එකක් නෙමෙයි ද "

" මන්දා බං .. හරි හරි උබ පරිස්සමින් පලයන්.. "  ( හිනාවෙන ගමන් )

WHAT IF I KILL YOU IN THE END? [GL]जहाँ कहानियाँ रहती हैं। अभी खोजें