අටවන දිගහැරුම 👀

Почніть із самого початку
                                    

" රියලි ගෝර්ජස්...අයි මීන් යුවර් ස්මයිල්…( ඇත්තටම ලස්සනයි...මන් කිව්වේ ඔයාගේ හිනාව…)

ඇය විලියෙන් රතු වුනේ ඔහු පවසන විට ඔහුගේ සුසුම් පවා ඇගේ මුහුණට වැටෙද්දී…

" රෝස වුනාමත් ලස්සනයි….."

ඇය තවත් රතු වුනා...දැනුනේ දැඬි කෝල බවක්...සෞර ඔවුන් දෙස බලා සිටිනා බවක් වත් ඇයට සිහි වුනේ නැත...

" නොන්සන්ස්….( විකාර ..)

පවසමින් සෞර අබීශාවත් ඇත හැර යාත්‍රාවේ උඩු මහලට යෑමට පඩි නගින්න ගත්තේ තවත් කේන්තියෙන් පුපුරමින්…

" ඒ බූරු වහන්සේ කියන කතා ගනන් ගන්න එපාහ්...ඕකාව පොඩි එකා හින්දා හුරතල් කරලා අම්මිම තමා වැඩේ අනාගත්තේ…"

ආහේලි හිස දෙපසට වැනුවේ සෞර මෙතැන නොමැති නිසා..ඔහු සිටියා නම් ඇයට නැවතත් බැන වදිනවා නොඅනුමානයි..

" ප්‍රින්සස්…මේ නංගිලා තුන් දෙනාව ටිකකට බලා ගන්නවද???මන් අර බූරුවව එක්කගෙන එන්නම්...ඌ හැසිරෙන්නේ හරියට අද උගේ බර්ත් ඩේ පාර්ටි එක නෙමෙයි වගේ…."

අබීශා අතින් ආහේලිගේ අත තබමින් විර්දේව් පවසද්දී ආහේලිගේ මුව බාගෙට විවර වුනා…

" අයියා….ඔයාහ් එදා ප්‍රින්සස්……"

" ඕහ්….අබීශා තමා මගේ ප්‍රින්සස්…..ගෝර්ජ්….ඔයාලා කොහෙවත් තනියම යන්න එපා..ප්‍රින්සස් එක්කම ඉන්න...මන් අර වාතේ එක්ක ගෙන සුටුස් ගාලා එනවා…."

ආහේලිගේ කොපුලකට තට්ටු කරමින් ඇගේ මිතුරියන් දෙසද බලා අවවාද කර  පඩි දෙකෙන් දෙක නඟිමින් දිව යන විර්දේව් දෙස ඔවුන් සිව් දෙනාම බලා සිටියේ හඬින් සිනහාසෙමින්…

" හේලි නංගා….අද හරිම ලස්සනයි…."

අබීශාගේ අවංක සතුට ඇගේ ඈස් වලින්ම විද්‍යාමාන වෙද්දී ආහේලී,

" තැන්ක්‍යූ අබී අක්කි….මේ මගේ හොදම යාළුවෝ දෙන්නා….යේනූ නමිනි….."

ආහේලි ඇගේ යෙහෙලියන් දෙදෙනාද අබීශාට හදුන්වා දුන් අතර ඔහුන් සිව් දෙනාටම  කුලු පග මිතුරියන් වීමට ගියේ ඉතාමත් සුළු කාලයකි..

මඟ බලමින් 👀Where stories live. Discover now