නම්ජුන්, හෙසෝක් දෙන්නා ජන්කුක්ගෙ පිටුපසින් හිටගෙන ඉහළ සඳලුතලවල ඉඳන් ආචාර කරන තමන්ගෙ ව්‍යාපාරික සඟයන්ට පෙරලා ආචාර කරමින් හිටියා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


නම්ජුන්, හෙසෝක් දෙන්නා ජන්කුක්ගෙ පිටුපසින් හිටගෙන ඉහළ සඳලුතලවල ඉඳන් ආචාර කරන තමන්ගෙ ව්‍යාපාරික සඟයන්ට පෙරලා ආචාර කරමින් හිටියා....

ජියෝන් පවුලෙ බල පුළුවන්කාරකම් වගේම මෙච්චර දවසක් ලෝකෙන් හැංගිලා හිටිය ආඩම්බරකාර ජියෝන් ජන්කුක්ගෙ ජීවන සහකාරිය ගැනත් පහත් හඬින් මුමුණමින් හිටිය සෙනඟ නිහඬ වුණේ ශාලාව ලා නිල් පැහැයකට හුරු සුදු පැහැයකට හැරෙද්දී සංගීතයක් ආරම්භ වුණ නිසා....

ජියෝන් ජන්කුක්ගෙ සහකාරිය හෝ සහකරු ගැන සති කීපෙකට කලින් සමාජ මාධ්‍ය වලට නිදහස් වෙලා තිබුණ ඡායාරූපවල ජියෝන් ජන්කුක් සමඟ සිටි අනෙක් පුද්ගලයාගෙ මුහුණෙනෙ නාසයෙන් ඉහළ කළු පැහැති තොප්පියකින් ආවරණය වෙලා තිබුණ නිසා වගේම ඒ හෙවණැල්ල නිසා කිසිම කෙනෙක්ට ඒ කෙනාගෙ මූණ පැහැදිලිව පෙනුණෙ නෑ...බොහෝ දෙනෙක් අනුමාන කළ ආකාරයට ඇය බෝහෝ සුරූපී තරුණියක් වුණත් කාගෙ කවුද කියලා කිසිම කෙනෙක්ට අදහසක් තිබුණේ නෑ....

මෙතෙක් වේලා වැසී තිබුණ ශාලාවෙ විශාල දොරටුව දෙපසට විවෘත වුණේ සියලු ම දෙනාගෙ අවධානය ඒ වෙතට යොමු කරලා....තුනී ආලෝක ධාරා රාශියක් ප්‍රධාන දොරටුව වෆතට යොමුවෙද්දී දොරටුවෙ වරකට දෙදෙනා බැඟින් ඇතුළ් වුණ බැලේ නර්තනයකට සූදානම් වෙලා හිටිය තරුණියන් විසිදෙනෙක් පමණ රටාවකට නර්තනයේ යෙදෙමින් ප්‍රධාන පිඩිපේළිය නඟින්න පටන් ගත්තේ ඒ පිටුපසින් කළු පැහැති ඇඳුමින් සැරසී සිටි ප්‍රසිද්ධ තරුණ ව්‍යාපාරිකයන් වුණ පාර්ක් ජිමින් සහ මින් යුංගිට මැදිව සේද සළුවකින් මුව ආවරණය කරවමින් සුදු පැහැති ඇඳුමකින් සැරසවූ තරුණයෙක් ජිමින්ගෙ අතින් අල්ලගෙන බිම බලාගෙන හෙමින් ඇවිදගෙන එද්දී....

The Misplaced Teddy || TK Where stories live. Discover now