සෞර එක් කලිසම් සාක්කුවකට අතක් දමාගෙන එක් අතිකින් අබීශාගේ අත අල්ලා ගෙන තිදෙනාම පිටත්ව ගියා.. ඔහු ඇය දෙස එකදු බැල්මක් වත් හෙළුවේ නැත..
ඇගේ පපුවෙන් ඉහිලිය නොහැකි තරමේ වේදනවාවක් දැනුනා සෞර අබීශාගේ අත ඔහුගේ අතට හිර කරගන්න විට...ආහේලිට තනිවී හඩන්න දැඩි වුවමනාවකින් පෙළුණත් ඇය දෑස් වලින් පිටතට පනින්න දඟලන කදුළු සිර කරගත්තේ ඈත තියා ඔවුන්ට අත වනමින් පැමිණෙන විර්දේව් දුටු තැන..
" රපුන්සල් වට් හැපන්ඩ්????( මොකද වුනේ???)"
" මොකුත් නෑ….."
ඇය බිමට පැවසුවේ ඇගේ කදුළු හෝ ඇගේ අසරණකම ඔහු ඉදිරියේ හෝ පෙන්වීමට ඇය අකමැති වූ නිසා..
" ම්හ්...ඒකත් එහෙමද??? හ්ම්..හ්ම්...අපි යමු ගෝජස්…."
විර්දේව් ඇගේ අවසරයකින් තොරවම ඇගේ අත අල්ලා ගනිද්දී ඇයට හඬින්ම හුස්මක් ඉහලට ඇදුනේ බිමට නැඹුරුව තිබුනු ඇගේ හිස ඉහලට එසවෙද්දී…
විර්දේව් ඇහිබැමි ඔසවා ඇගෙන් දෑස් වලින් ඇසුවේ ඇයි කියලා වුනත් ඇය හිස දෙපසට වනා මොකුත් නැති බව අගවද්දී විර්දේව් ඇගේ අත අත් නොහැරෙම ඉදිරියට යද්දී ආහේලිත් ඔහුට සමාන්තරව ඇවිදින්න ගත්තේ හදම පාරවන සිතුවිලි පසෙකින් තබා…ඇගේ යෙහෙළියන් දෙදෙනාද ඔවුන් පසුපසින්ම පැමිණෙන නිසා ඇගේ සිතට එය මද අස්වැසිල්ලක් වුනා...
" ගෝජස් දන්නවද මේ කොහෙද කියලා…."
ඇය හිස දෙපසට වනමින්,
" නෑහ්….."
" අපි යන්නේ කොහෙටද කියලා දන්නවද???"
" යොට් එකකට කියලා යේනු කිව්වා…."
විර්දෙව් බොහෝ සුහදශීලී අයෙක් වූ නිසා ඇයට ඔහු හා කතා කිරීමට බියක් දැනුනේ නෑ...සෞර ඉදිරියේ ගොළුවන ඇය විර්දේව් ඉදිරියේ හැසිරෙන්නේ සාමාන්‍ය යුවතියක් ලෙසයි…
" මේ මරීනා….යොට් වගේම පොඩි බෝට්ටු නවත්තන්නේ...හරියට හාබර් එකේ ලොකු නැව් නතර කරනවා වගේ…."
" මේ යොට් එක ඔයාගෙද???"
ඇය ඇසුවේ නොඇසිය යුතු පැනයක් දෝ කියා හිත කිව්වත් විර්දේව්ගේ මුහුණේ ඇදුනු සිනාව නිසා ඇය ඒ ගැන එතරම් සිතීමට ගියේ නෑ...මුහුදු සුළඟට දඟ කරන ඇගේ කෙහි රැලි වලින් ඇය තවත් සුන්දරව ඔහුට පෙනුනා...ඒ කතා කරන දෑස් දෙස බලා සිටි විර්දේව් ඇයට දෑස් වලින් පැවසුවේ ඉදිරියට දෑස් යොමු කරන ලෙසයි…
YOU ARE READING
මඟ බලමින් 👀
Romance" ඇයි එයාහ් මට මෙහෙම කලේහ්.........." ඇයට සිතන්න වත් වෙලාවක් නොතියා මහ හඬින් තිරිංග තද කල වාහන කිහිපයක් දුහුවිලි වලාවකින් වැසී යන සේ මුද්‍රණාලය ඉදිරියේ නතර කරද්දී ආහේලිත් මුද්‍රණාලයේ අයිතිකරුත් ප්‍රධාන පිවිසුම දෙස දෑස් දල්වාගෙන බලා සිටියේ ඒ දුහුවිලි...
හත්වන දිගහැරුම 👀
Start from the beginning