යුංගි හිටියෙ නිදාගෙන නෙවෙයි..... ජීවීතෙන් බාගෙකට කිට්ටු කාලයක් තමන්ගෙ ළඟ තියාගන්න හීන මැව්ව තමන්ගෙ ආදරේ මෙච්චර හුරතල් විදියට නිදාගෙන ඉද්දි යුංගිට නින්ද යාවිද ඉතින්....පැය තුනක් විතර ජිමින්ගෙ මූණ දිහා බලාගෙන භාවනාවක හිටිය යුංගි මේ නිදි වගේ ඉන්නෙ ජිමින් ඇහැරෙන්න හදන්නෙ කියලා යුංගිට හිතුණ නිසා.... යුංගි දෙන්නවම වැහෙන්න පෙරවගත්ත ලොකු ඩුවට් එකෙන් භාගයක් ම මේ වෙද්දි ඇඳෙන් බිමට වැටිලා තිබුණ වගේම ඒක රැඳිලා තිබුණෙ යුංගිගෙ ඉණ හරියෙ නිසා ජිමින්ගෙ කිරි පාට කලවාවලිනුත් බාගයක් විතර පේන්න තිබුණා....

යුංගි හිතුවා වගේ ම ටිකකින් තමන්ගෙ නහය දිගේ පුංචි කිතියක් යද්දි යුංගිගෙ තොල් අතරෙ හීන් හිනාවක් ඇඳුණා...ටිකකින් යුංගිගෙ තොල් වටේ ඒ ඇඟිල්ල ඇදෙද්දි යුංගි ඒ ඇඟිල්ල ලාවට තොල් වලින් හැපුවාම ජිමින් ගැස්සිලා ගිහින් ඇඟිල්ල ඇදලා ගත්තා....

"නිදාගෙන නෙවෙයිද හිටියෙ හ්‍යුන්?"

"අනී...ඔයා ඔච්චර හුරතල් වෙද්දී මම කොහොමද නිදා ගන්නෙ? හපලා හපලා දාන්න හිතෙනවානෙ මට..."

යුංගි විහිළුවෙන් කියන ගමන ජිමින්ගෙ බඩ දත් නොවදින්න තොල්වලින් හපන්න ගත්තෙ ඒ වැඩේට කිතිකැවිලා ජිමින් හයියෙන් ම හිනා වෙද්දි....

"හ්ආආහ් ඇති පූස්....ඇත්තටම මහන්සි නැද්ද? ඇයි නිදා ගත්තෙ නැත්තෙ? තවත් මොනවද කල්පනා කරන්න තියෙන්නේ....ම්ම්..."

ජිමින් සුළැඟිල්ලෙන් යුංගිගෙ නළල එක්ක නහය පිරිමදින ගමන් අහද්දි ඒ දැනෙන සනීපෙට යුංගිගෙ ඇස් පියවුණා....

"මට බයයි ජිමින්....ඇත්තටම ඒ නිසයි නින්ද ගියෙ නැත්තෙ...."

"වේ...මොකක්ද ප්‍රශ්නෙ හ්‍යුන්?"

"මට බයයි මම මේ දකින්නෙ හීනයක් කියලා... ඔයා ඇහිපිය ගහන පමාවට ආයෙමත් අතුරුදහන් වෙලා ගිහින් ඒ හීනෙන් ඇහැරෙද්දි මට මොනවත් මතක නැති වෙයි කියලා...."

යුංගි ජිමින්ගෙ අතක් තමන්ගෙ අතක ගුළි කරගෙන ඒ පුංචි ඇඟිලි තුඩු මතින් හාදු තියන ගමන් කියද්දී ජිමින් දුකින් හිනාවුණා...

The Misplaced Teddy || TK Where stories live. Discover now