"මෙතෙන්ට එනවා..."

පෙර බැල්මෙන්ම විණාරා දෙස බලාන ආග්න පවසන්නට වූයේ ආයාසයෙන් තම කෝපය පාලනය කරගත් හඬින්. ඉඳින් විණාරාට අවැසි ඔහු කියනා දේ එක්වරම කරන්නට වුවද ඈ දෙපා ගල්කර දැම්මේ හිතම වසාගෙන තිබෙනා 'භය' කියනා හැඟීමෙන්. හෙඩ්බෝඩය මත වූ ඈ අතැඟිලි ඒ මත තදව ගියේ හිතට ගතට දැනෙණ අප්‍රාණික හැඟීමත් බියත් සමඟ.

"හහ්!!!"

තප්පර කිහිපයක්ම විණාරා තමා වෙතට පැමිණේවියැයි බලන් හුන්නද ඇය උන් ඉරියව්වෙන්ම ඉඳිද්දී ආග්නගේ කෝපය බැමි කඩාන විසිරී ගියේ ඉබේම. ආග්න සෝපාව මතින් කෝපයෙන් නැගී සිටියේ තමාට ඉදිරිපසින් වූ ස්ටූල් එක පසෙකට විසිව යන්නට පා පහරක් ගසාගෙන.

ඕනෑවටත් වඩා බියට පත්වී හුන් විණාරා තිගැස්සී ගියේ බියටම ඈ මුවින් හඬක් පිටවද්දී. ඒ වෙන විටත් විණාරාගේ දෙනෙත බොඳව ගොස් තිබුණේ අනවසරයෙන්ම දෙනෙතට ගොඩවූ කඳුළැලි නිසාවෙන්ම.

බියෙන් ත්‍රස්තව හෙඩ්බෝඩයට පසුපසින් වූ බිත්තියට හේත්තු වූ විණාරා මතම නෙතු තබාන ආග්න ඈ වෙතට පියවර ඇහිඳින්නට වූයේ හෙමිහිට. එක් අතකින් දුම්වැටිය දෙතොලතර රුවාන ආග්න ලොකු දුම් උගුරක් ඉහලට ඇදගත්තේ චූෂනය නිසාවෙන්ම ඔහු කම්මුල් පවා වල ගැහෙද්දී. විෂ දුම් වලින් ඔහු පපු කුහර පිරී යද්දී ඊළඟ මොහොතේ ඔහු එය ප්‍රාශ්වාස කරමින් කළේ විණාරා වෙතට ඇවිදන් ඒම.

අමිහිරි අතීතයේ දැනුණ හිත බියෙන්, අවිනිශ්චිතබාවයෙන් පමණක්ම පිරී ගිය හැඟීම පමණයි ඇයට දැනුණේම. දුම් ගුලියක් පිටකර විණාරා අසල නැවතීගත් ආග්න අත වූ දුම්වැටිය අතින්ම පොඩි කර බිමට දැමුවේ විණාරා තිගැස්සෙද්දී. ඉඳින් දරාගත නොහැකි කෝපය ඉදිරියේ ආග්නට අනුන්ගේ වේදනාවක් තියා තමන්ගේ වේදනාවක්වත් නොදැනෙන බව විණාරා හොඳින් දැන හිඳිනා කරුණක්.

ඇයට සිහිවූයේම අතීතයේ දිනෙක ඔහු වයින් විදු තම අත්ල මතම පොඩිකරගෙන රුධිරය වෑහෙද්දී පවා ඒ වීදුරු කටු තව තවත් තම අත්ල තුල පොඩිකරගත් අයුරු. ඉඳින් සිගරට්ටුවේ ගිණිපුපුරු වල වේදනාව ගැන කොයින්ද වගක් ඔහුට.... කෝප අග්නියෙන් අන්ධව මෙන් හිඳිනා ඔහුට?

දුඹුරු සඳ (100 සිට 149 දක්වා)Where stories live. Discover now