තුන්වන දිගහැරුම 👀

Start from the beginning
                                    

" හොදින් එක පාරක් කිව්වම තමුසෙලා වගේ වුන්ට සිංහල තේරෙන්නේ නෑ….නැගපන් කාර් එකට කිව්වම අහලා….."

සෞර ඇගේ අත අඹරවා අල්ලා ගත්තේ ඇයට කෙඳිරි ගෑවෙද්දී…

" සෞර මොකද කරන්නේ???ඔය ගර්ල්ට රිදෙනවා ඇති….අඩනවත් එක්ක නේද????ලීව් හර් අලෝන්….ඔයාට පිස්සු හැදිලද???අපි පාරේ ඉන්නේ….."

වාහනය තුල සිටි තරුණිය මදක් තදින් කතා කරද්දී සෞර ආහේලිගේ ඔහුගේ ග්‍රහණයට හසු වූ තිබූ අත අත් හැරියාත් ඔහුගේ දෑස් වල ලියැවී තිබූ කේන්තියේ නම් අඩුවක් තිබුනේ නැත..

නොනවත්වාම දෑස් වලින් ගලන කඳුළු ඇයට පාලනය කර ගත නොහැකි වුනා ඒ කෝපයන් දිදුළන දෑස් ඉදිරියේ….

" උදව්වට ස්තූතියි….ඒත් මට තනියම කරගන්න පුළුවන්…."

ඒ දෑස් දෙස බලාගෙනම ආහේලි පැවසුවේ ඔහුගෙන් මිදී මෙතැනින් ඉවත් වීමට ඇයට දැඩි සේ වුවමනා වූ නිසයි…

" තමුසේ තනියම කරගනියි බම්බුව….නැගපන් කාර් එකට උස්සගෙන ගිහින් අත අරින්න කලින්….."

" සෞර ප්ලීස්…..ම….ම…..ම……"

" සෞර තමා…. දැන් උඹට මන් කාර් එකට නැගපන් කියලා තුන් පාරක් කිව්වා...මේ පාරත් එක්ක හතර වෙනි පාරා...උඹ තාම මන් කවුද කියලා දන්නේ නෑ….."

ඇයට සිතන්න වත් වෙලාවක් නොතියා සෞර ඇයව ඔහුගේ දෑතින් හරහට ඔසවා ගත්තේ ආහේලී ඔහුගෙන් මිදීමට දගලද්දී…

" නටන් නැතුව ඉන්නවා අයිසේ….පාරේ තියෙන ගලක් උඩට එහෙම තමුසේව මන් අත ඇරියොත් මේ මල පැනලා ඉන්න විදියට තමුසෙට කොදු ඇට පේලියක් දාගන්න වෙන්නේ පිට කොටුවේ පේමන්ට් එකෙන් තමා….."

සෞරගේ මුවින් පිටවන සුසුම් ගොස් නතර වන්නේ ඇගේ මුහුණ මතයි...දැනෙන කෝළ බවටම ඇගේ මුහුණම රත් පැහැ වෙද්දී ඇය ඒ දෑස් මත පැටලී තිබුන දෙනෙත් බිමට බර කරගත්තා…

" අරිනවා ඩෝ එක...මන් කතරගම දෙයියෝ නෙමෙයි…."

" මොන ඩෝ එකද????"

ඇයට එය ඇසූ මෝඩකම කියා සිතුනේ සෞර දත් මිටි කමින් දෑස් වලින්ම කාර් එකේ පිටි පස දොර පෙන්වද්දී…

මඟ බලමින් 👀Where stories live. Discover now