දෙවන දිගහැරුම 👀

Start from the beginning
                                    

ඒ උරහිසෙහි මෙතෙක් වේලා තිබූ අතත් ඔහුගේ අතේ පැටලී තිබුන අනෙක් අතත් ඇය නිදහස් කර ඔහු දෙස ආපසු හැරී හෝ නොබලා ගියේ ඇගේ අතිජාත යෙහෙලියන් වෙතට...

" යේනු අපි ගෙදර යමුද???අනේහ් ප්ලීස්....."

" මොකද බන් හේලි වුනේ උඹට...අර සෞරයා මොනවා හරි කිව්වද????කිව්වා නම් කියපන් උගේ හොම්බ කට සමතලා කරන එක එච්චර වැඩක් නෙමෙයි අපි දෙන්නට...නේද නමිනියෝ ..."

" ඔව් හේලී මොනවා හරි කිව්වා නම් දැන්ම කියපන්..පස්සේ කුරු කුරු ගාන්න තියාගන්න එපා...විසදගන්න තියන දේ මෙතනම විසදගෙන යන් යන තූත්තුකුඩියක...."

නමිනි පැවසුවේ සෞර දෙස නොපහන් බැල්මක් හෙලමින්....

" අනේහ් නෑහ් බන්....එයා මොකුත් කිව්වේ නෑ....මගේ ඇඟට හරි නෑ අද...අනේහ් ප්ලීස් යමුකෝ...."

ආහේලි ඔවුන් දෙදෙනාට පෙරැත්ත කලේ ඇයට තවත් මෙහි රැදෙන්න සිත් නොදුන් නිසයි...

" හ්ම්.....හ්ම්.......පස්සේ නම් උඹ අඩන්න තියන්න ගන්න එපා හේලී මතකයිනේ උ ඹේ අම්මාගෙනුයි තාත්තගෙනුයි අපි දෙන්නා අද එක්කගෙන එන්න පර්මිෂන් ගත්ත විදිය...."

යේනූ තදින්ම ආහේලිට පැවසුවේ ඇය කෙතරම් නැහැ කිව්වත් ඇගේ විශාල වෙනසක් මේ වන විටත් යේනූ දැකලයි තිබුනේ...

" සොරි බන්...මන් හින්දා ඔයාලටත් කරදරේ...."

ඒ දෑස් මග හරිමින් බිම බලාගෙන ආහේලී මිමිණුවේ ඇගේ මනසෙන් සෞරව තවමත් අන්සතු වුනත් මැකිය නොහැකි වෙද්දී...

" අපිට නම් කරදරයක් නෑ...නේද නමිනියෝ....හැබැයි මට නම් ෂුවර් එකක් නෑ උඹ ආපහු බදුල්ලට යන්නේ අපි එක්කගෙන ආපු හේලී විදියටමද කියලා...."

නමිනිත් එක අනුමත කරමින් හිස සැලුවා...ආහේලිට ඇගේ දුක වේදනාව ඔවුන්ගෙන් සගවන්න දැඩි පරිශ්‍රමයක් දරන්න සිදුවුනේ ඔවුන් තිදෙනා පෙර පාසල් සිටිම එකට හැදී වැඩුනු නිසා තිදෙනාගෙන් එක් අයෙකුගේ හෝ වෙනසක් ඔහුට හොදින්ම දැනෙන නිසයි...

" කොහොමද හිත හදාගන්නේ එයාට අයිතිකාරියෙක් ඉන්නවා කියලා දැනගත්තට පස්සේ මන්...."

මඟ බලමින් 👀Where stories live. Discover now