පළමු දිගහැරුම 👀

Depuis le début
                                    

" ටකරමකට ගල් ගහනවා වගේ මු න් ගේ මියුසික් සිලෙක්ෂන්...ෂිට් කිරි බොන පොඩි උන්ටත් ඔයිට වඩා ටේස්ට් එකක් තියනවා..."

සෞරට අවසන ඔහුගේ කෝපය පිටවුනේ ඔහුම තාලයට නර්තනය කරන සංගීතයත් සමගයි...විනාඩි පහළවක් පුරා නොනවත්වාම වේග රිද්මයට වාදනය වන ගීතයට මුළු හෝල් එකම නටන්න ගත්තත් සෞරගේ තියුණු දෑස් පැටලී තිබුනේ ආහේලිගේ හීල්ස් දෙක වත් නොපෙනෙන තරම් දිගට තිබූ ගවුම මතයි...

අද ඔවුන්ගේ පාසලේ ඇනුවල් ගෙට් ටුගෙදර් එක උදෑසනම සිට උත්සවශ්‍රීයෙන් පවත් වනු ලබන්නේ සෑම වසරකම එය වරදින්නේ නැති නිසයි...

සෞර නිවසේ සිටම මාහීර්වට දණ්ඩ නීති සංග්‍රහයක්ම පනවා අද පැමිණියේ කිසිම තරඟයකට සගභාගි නොවන ලෙස තරයේ පවසා...නමුත් කිසිවක් ඔහුගේ කැමැත්තට සිදු වූයේ නැත..ඔහු සියලු තරඟ වලින් මග හැර සිටියත් සංගීත පුටු තරඟයෙන් සෞරට බේරී සිටිය නොහැකි වුනේ ඔහුගේ යහළුවන් බලෙන් ඔහුව ඔසවා ගෙන ගොස් තරඟයට ඇතුලත් කල නිසයි...

අවසාන වටය සඳහා ඉතිරි වූයේ ආහේලිත් සෞරත් පමණයි..එක් වරම සෞරට ආහේලිගේ ගවුම පෑගෙන්න ගියේ තරගකාරිත්වය නිසා ඔවුන් දෙදෙනා සමීපව නර්තනය කරද්දීයි...

" ෂිට්........මේකිත් අහවල් එකකට මගේ අස්සෙම රින්ගන්න එනවද මන්දා.....අරූව නම් මන් අද තියන් නෑ...."

සෞර තනිව මුමුණමින් මයික්‍රොෆෝනය අතැතිව සිටින මාහීර්ව දෙසට හෙළුවේ ඔහුව දවා අළු කරන තරමේ බැල්මක්....

" මන් මොනවා කලාටද???"

ඔහුගේ දොතොල් සෙලවෙන අයුරින් සෞරට ඔහු පවසන දෙය වැටහෙන්න ගියේ තප්පරයටත් වඩා අඩු කාලයක්.....

" ඔව් කට්ටිය.......ක්ලැප් එක දෙමූ.....ඩීජේ මල්ලී ස්පීඩ් එක ටිකක් වැඩි කරමු දෙන්නට....."

සෞර දෙසත් දෑස් කොනින් බලමින් මාහීර්ව පවසන්නේ ඔහුව තවත් අවුස්සන්නට මෙන්...ඔහුගේ කහ පැහැ මුහුණ මේ වන විටත් කෝපයෙන්ම රත් පැහැ වී හමාරයි...

" අපේ කහ කෑල්ල බූන්දි වේලා ගයිස්......."

මාහීර්ව නැවතත් සෞරව විහිළුවට ගත්තේ මුළු හෝල් එකම සිංදුවට නොදෙවෙනි හඬකින් සිනහවෙද්දීයි...

මඟ බලමින් 👀Où les histoires vivent. Découvrez maintenant