අනිත් අතට අද ඒ අරගෙන ආව කොල්ලට තිබුණෙ මනුස්සයෙක් කියලා කියන්න බැරි තරමෙ විස්තර කරන්න වචන නැති රූපයක්.... රත්තරන් පාටට හුරු එකම කැලළක්වත් නැති මූණ අතපය.....තද රෝස පාටට හැරිලා තිබුණ හීන් දිග ඇඟිලි....... මල් පෙත්තකට වඩා සිනිඳුයි කියලා බැලූබැල්මට පේන අත්ල,යටිපතුල්.....ලාවට රෝස පාට වැටුණ අල්ලන්න ලෝභ හිතෙන කම්මුල්....හපලා ම රතු වෙලා තිබුණ දිගටි තොල්.....හරියට බලන තැනක් හිතා ගන්න බැරි ඒ දිහා බලන කෙනෙක් අතරමං කරවන්න සමත් කළු අළු පාට ඇස් දෙක....ඒ ලස්සන අසාමාන්‍යයි.....කවින්ට ඒ කොල්ලට ගැළපෙනව කියල හිතුණ එකම උපමාව දෙවඟනක් විතරයි....බූසාන් කියන්නෙ සල්ලිකාර සෙල්ලක්කාර මිනිස්සු අඩුවක් නැති නගරයක්...ඒ වගේ නගරෙක මෙච්චර ලස්සන කොල්ලෙක් බේරිලා ඉන්න අනිවාර්යයෙන්ම සිංහයෙක්ගෙ බැල්ම ඒ දෙවඟනට වැටිලා තියෙන්න ඕන බව කවින්ට තේරුණා....ඒත් මේ කොල්ලා ගැන උනන්දු සල්ලිකාරයෙක් ඈතින් ඉඳන් බලන් ඉන්න දාපු ගාඩ් කෙනෙක් කිසිම සැක හිතෙන දෙයක් කවින්ට හමු වුණේ නෑ....ඒත් මේ වතාවෙ ජේකේ බොස් නොදැන කරදරේක පැටලෙන්න යන බව කවින්ට දැනුණා....

අවාසනාවට ජේකේ කියන්නෙ කාටවත් හැඟෙන දැනෙන දේවල් තඹ සතේකට මායිම් කරන මනුස්සයෙක් නෙවෙයි....කෙටියෙන් ම කිව්වොත් ජේකේ කියන්නෙ මනුස්සයෙක් නෙවෙයි කියලයි ජේකේ යටතෙ ඉන්න කොල්ලො පවා බහුතරයක් හිතාගෙන හිටියෙ....

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

"ච්-චේබල්!"

"ඔම්මා! හෙල්ප්...ඔම්මා!"

"ක්-කුක්-කී...හ්‍යුන්ට ර්-රි-දෙනවා.... ච්-චේබල්...ම්-මෙහෙම ක්-කරන්නෙපා....ආආආහ්!"

"ආආහ්.... යන්-න දෙන්-න... ච්-චේබල්"

"ආහ්!"

"ඔම්මාහ්!!!!"
හීනෙන් ඔලුව එහෙ මෙහෙ හරව හරවා ඇඳේ දඟලමින් හිටිය ජිමින් දාඩියෙන පෙඟිලා කෑ ගහගෙන නැඟිටලා ඇඳේ වාඩිවුණේ දාඩියට පෙඟිලා කූරු කූරු වුණ කොණ්ඩෙ අතකින් පිටිපස්සට කර කර වේගෙන් හුස්ම ගන්න ගමන්....හීනෙන් කම්මුල් දිගේ බේරුණ කඳුළු නිසා තවමත් ජිමින්ගෙ කම්මුල් තෙත් වෙලා තිබුණා....

ඇඳ ළඟ ම තිබුණ පුංචි මේසෙ උඩ තියලා තිබුණ වතුර බෝතලේ එක හුස්මට බීලා දැම්ම ජිමින් ඇඳෙන් බැහැලා බැල්කනි එකට ඇවිදගෙන ගියේ ගැහෙන කකුල් වලින්....

The Misplaced Teddy || TK Where stories live. Discover now