" නියමයි නේ අයියේ.. ඔයා ගේ ලස්සනට තියාගෙන ඉන්නවා නේ "

" ජෝ උදව් කරන හින්දා තමයි ඉතින්.. හරි දැන් කියන්නකෝ ඇයි ගෙදරින් ආවේ " ට්‍රිස් ඇබී දිහා බලලා අහද්දි ඇබීත් ට්‍රිස් ගෙ පැත්තට හැරිලා,

" මට එහෙ ඉන්න බැහැ අනේ "

" ඒක තමයි අහන්නේ ඇයි කියලා.. අම්මත් මටත් වැඩිය ඔයාට නේ ආදරේ "

" ආදරේ තමයි එයා හිතන් ඉන්නේ මං රොබො කෙනෙක් කියලද කොහෙද.. එයාට අනිත් ඔක්කොම අය හොදයි මං විතරයි නරක .. ඒ මදිවට අර කම්පැනි එකේ වැඩටත් එන්නලු.. ඔයාට තේරෙනවා නේ, මං තාම පොඩියි නේ " ඇබී කියාගෙන යද්දී ට්‍රිස්,

" තේරෙනවා තේරෙනවා " ට්‍රිස් ඇබී දිහා බැලුවේ උබෙ කොහෙද පොඩී කියල හිතන ගමන්,

" හරි හරි ඉතින්.. ඒ උනාට මටත් එහෙ ඉන්න බැහැ.. එහෙ ඉන්නවට වැඩිය හොදයි අපායෙ ඉන්න එක "

" ඉතින් ඒ නිසා ගෙදරින් ආවා එහෙමද "

" ඔව්.. අම්මා හැමවෙලේම මාව සැක කරනවා "

" එහෙනම් ඔයා මොකක් හරි ගොං වැඩක් කරන්න ඇති "

" නැ අනේ මං මුකුත් කරේ නැහැ.. සමහර විට ඔයා නිසා .... " ඇබී එකපාරටම කියාගෙන ගියත් පස්සේ තමයි තේරුනේ එයා කියන්න ගිය දේ.. ඇබී ඉක්මනට කියන එක නැවැත්තුවා... ඒ උනාට ට්‍රිස්ට ඒක තේරුණා ඒත් එයා ඒක එච්චර ගණන් ගත්තේ නැහැ..

" අම්මා මුකුත් කිව්වේ නැද්ද.. ඔයාට එන්න දුන්නද " ට්‍රිස් ඇහුවේ ශුවර් නැති නිසා


" නැහැ.. එයා කැමති උනේ නෑ ඒත් මං මෙහෙ හොද class  එකක් තියෙනවා කියලායි ආවේ.. මං උදේ මෙහෙට එන්න කලින් class එකට ගිහින් application  ඔක්කොම පුරවලා ආවේ "


" එහෙමද.. හරි එහෙනම් ඔයා මෙහෙ ඉන්නවා නේ.. මං  Room එක  ready  කරන්නම් හැබැයි එහෙ වගේ සැප පහසුවට නම් නැ " ට්‍රිස් කිව්වේ ඇබීගෙ ලැගේජ් ටික ගන්න ගමන්


" අපෝ මේ වෙලාවේ හැටියට මට මඩුවක් උනත් කමක් නැ "


" ම්.. අහ්හ් ජොගෙ පරණ බඩු දාන ගරාජ් එකක් තියෙනවා.. ඔයා කැමති නම්.... "

WHAT IF I KILL YOU IN THE END? [GL]Where stories live. Discover now