තරමක නිදිමතකින් සිටි චාන්‍යා මඟ දුරක් යත්ම අහිංසාගේ කර මතින් හිස තබාගෙන නිදන්නට වූයේ ඇහැරෙගෙන උන්නොත් වංගු නිසා ඔක්කාරයට එන බව දන්න නිසා.ඇගේ කොන්දට කුඩා කොට්ටයක් තබා තිබුනේ ඇගේ සුවපහසුව ගැන කාටත් වඩා කේශව සැලකිලිමත් වෙන නිසා.නොදැනීම අහිංසාටත් නින්ද යද්දී තිහස් සහ මුතූ නම් තප්පරේකටවත් දෙනෙත් වැසුවේ නෑ.තිහස්ගේ බාහුවක වෙලී හිස තබාගෙන මුතූ කියවන්නේ ගිරවියෙක් වගේ.ඒ අතරින් පතර තිහස් තබනා සිපුම් වලට ඇය ඇකිලෙන්නේ හාවියෙක් වගේ.

"අහිංසා අක්කි පව් නේද??මෙච්චර දෙයක් කරලත් මේ මෝඩගහ හිතින් විඳවනවනේ..මට කියන්නමයි හිතෙන්නේ"

"මස්සිනා කට වහන් ඉන්න කිව්වනේ..ඒ නිසා සද්ද නැතිව ඉමු..ඔහොම රණ්ඩු වෙවී ආදරේ කරද්දිත් අමුතුම මෙව්වා එකක් තියෙනවනේ.."

තිහස් මුමුණද්දී මුතූ ඔහු දිහා බැලුවේ දෙනෙත් සිහින් කරගෙන.

"ඔයා එහෙම හිතන් ඉන්නව නම් වහාම අදහස අතෑරගන්න හොඳේ.මට බෑ ආයේ තරහ වෙලා ඉන්න..මට ආයේ පිස්සු හැදෙයි"

ඇය ඒ කිව්ව ස්වරෙට කුමක්දෝ වේදනාවක් හිතට දැනෙද්දි තිහස් ඇයව තව තවත් සිය ගතට ළං කරගත්තා.

"ආයේ යන්නෙ නෑ..ඒ ගැන හිතද්දිත් මහා පසුතැවීමක් දැනෙනවා..තමුසෙට ඒ දවස් වල මොනාහරි උනා නම් සමහරවිට මාත්..."

"ආ..ඇති ඇති.මේ වගේ ගමනක් යනකොට දුක හිතෙන ඒවා මතක් නොකර ඉමු.මට දැන් ඕනේ මං වෙනුවෙන් අච්චර කැපකිරීමක් කරන්න හැදුව අහිංසා අක්කි හිනාවෙලා සතුටින් ඉන්නවා දකින එක.."

"ඔයා ඔයාට කරන්න පුලුවන් දේ කළානේ..සාරංගයා ඉතුරු ටික බලාගනීවි"

මුතූට තිබ්බ එකම සැනසීමත් ඒකමයි.ඒත් හිත සැනසෙන්න එකම එක දෙයක් තව ඉතුරුයි.නොබෝ දිනකින් රදීශ ඒ කාර්යයත් කරලා දෙන බව ඇයට විශ්වාසයි.

........💜️........ RITHU SAKURA .......💜️........

අහිංසා එක්වරම ඇහැරුනේ තම උරපත්ත මත හිස තියාගෙන සිටි චාන්‍යා ඇය අසල නැති බව වැටහිලා.නිදිබර දෙනෙත් වලින් ඇය එහෙ මෙහෙ බැලුවේ ඇය කෝ කියලා බලන්න.වාහනයද තිබුණේ මාර්ගයේ පසෙක නතර කරලා.උදෑසන පහ පසුවී ඇති බව ඇය දුටුවේ වාහනයේ ඩෑශ් බෝඩය මත වූ ඩිජිටල් ඔරලෝසුවෙන්.ඒත් මීදුම් ගතියත් සමඟ අවට මැවී තිබුනු පරිසරය රාත්‍රිය මෙන් අඳුරු උනා.ඊළඟට එළියේ සිට පැමිණි චාන්‍යා වාහනයට නැඟුනේ කුසටද අතක් තබාගනිමින්.

සන්තානේ - දෙහදක් 2Kde žijí příběhy. Začni objevovat