13 - කොටස

886 165 43
                                    

තණ පිස්සක මා සෙල්ලම් කරමින් සිටියේ මාගේ මිතුරන් දෙදෙනා සමගයි.. පාශාන මාලිගා සාදමින් සිටි මා jin ගේ මාලිගය කඩා දැමුවේ ඔරොප්පුවටයි.. මට වඩා ඔහු ඉතාමත් හොදට මාලිගය සාදපු එකට සිත යටින් මා ඊර්ශ්‍යා කලා..

"" මෑණියනී..........""

Jin කෑ ගසාගෙන මා හට පහරක් ගහද්දී.. ඈත සිට මෑණියන් සහ පියාණන් දිව ආවේ අප තිදෙනාගේ ගැටුම් නවතා ලීමටයි..

"" පුතණුවනි..""

මෑණියන් මාගේ පසු පසට තරමක් සැර පහරක් ගැහුවේ.. මාගේ හිතුවක්කාර කම් බලා සිටීමට නොහැකි නිසාය..

"" මෑණියන් සෙනෙහස දක්වන්නේ ඔවුන් දෙදෙනා හට පමනයි..""

අමනාපෙන් මා වෙනතක් බලාගනිද්දී.. මෑණියන් පියාණන් දෙස බලා සිනාසෙන්නට ගත්තා..

"" තිදෙනාටම මා සෙනෙහස දක්වනවා පුතනුවනි.. කෙනෙකුට පමනක් සෙනෙහෙස දක්වන්නේ කෙසේද සැබෑම මෑණියන් කෙනෙකු..""

මාගේ හිස පිරිමදිමින් මෑනියන් එසේ පවසද්දී.. මා මෑණියන්ව වැලද ගත්තේ.. කදුළු සිර කරගනිමින්..

"" පියාණනන්ගේද සෙනෙහස එසේමයි..""

මා අසලටවිත් පියානන්ද මාව වැලදගනු ලැබුවේ මිතුරන් දෙදෙනාද සමගයි..

"" පියාණනි.. මැණියනි.. ජින්...""

මා මුමුණමින් ඔවුන්ගේ නාමයන් ඇමතුවේ සිත බොහෝ සේ අඬන විටයි..

"" වෙයි යින්ග්.....""

ඈතින් මා හට හුරු පුරුදු හඬක් ඇසෙන්නට ගත් විට සෙමෙන් සෙමෙන් දෑස් පියන් විවර කල මා දුටුවේ මා දෙස බලා සිටින වැංජිවයි..

"" ඔබ සිහිනයක් දුටුවාද..""

මෙතරම් වෙලා මා අතීතයත් සමග සිහිනෙකයි සිටියේ බව වැටහෙද්දී.. මා සෑම අතක්ම බලන්නට ගත්තාය..

සිටින්නේ මා කුටියේ බවත්.. මා අසල වැංජි පමනක් සිටින්නේ වග වැටහුනේ එවිටයි..

"" ජින්...ජින්...""

මා වචන කඩ කඩ වැංජිට පවසද්දී.. ඔහු මාගේ එක් හස්තයක් අල්වාගෙන සිටියේ නිහඬවයි..

"" ඔහු කොහෙද..""

මාගේ දෑත් උඩම ඔහු මිය ගිය බව මා හට සිහිවුවත් සිත එය පිළිගැනීමටවත් සූදානම් නැත..

WERE WOLF HUSBAND (Wangxian Omegaverse)Completed Where stories live. Discover now