10 - කොටස

907 169 40
                                    

දින ගනනාවකින් පසු මා රාජ්‍යට පය තබද්දී.. ජනයා සහ ආරක්ශකයින්ද මා දෙස බලා සිටියේ දෑස් දල්වාගෙනයි. අසු පිට සිටි මා ඉදිරියටම ඇදී ගියේ ප්‍රධාන දොරටුවෙන් ඇතුලට.. මාව පිළිගන්නට බලා සිටින මෑණියන් සහ පියාණන් දැක මාගේ සිතම සතුටින් පිරී ගියා එක් මොහොතකින්..

"" පුතනුවනි..""

"" මෑණියනි..""

අසු පිටින් බැස මා දිව ගිහින් මෑණියන්ව වැලද ගත්තේ ඉතා මත් සතුටින්..

"" වැංජි පැමිනියේ නැතිද ඔබ සමග..""

මාගේ නලලටද හාදුවක් තබලමින් මෑණියන් ඇසූ පැනයට මාගේ මුහුණම අදුරු වී ගියා.

"" නැත මෑණියනි..""

සිනාසී මෑණියන් මා දෙස බලා සිටියත්.. ඇයට යම් කිසි දෙයක් වැටහෙන්නට ඇති බවක් මුහුණෙන් දකින්නට ලැබුනේ..

"" දැන් මාව අමතක වී ගිහින් පුතණුවන්‍ටත් මෑණියන්ටත්..""

අමනාපයෙන් මෙන් පියාණන් පැවසූ දෙයින් මා මෑණියන් දෙස බලා සිනා සෙද්දී.. මෑණියන්ටද සිනහව පාලනයක් නැතුව ගියා..

""වෙයි යින්ග්..""

ඈත තියා කෑ ගසමින් දිව ආ මාගේ මිත්‍රයන් දෙදෙනාම මාව වැලදගනු ලැබුවේ සැවොම ඉදිරිපිට..

"" ඔබ එසේනම් පැමිනියා නැවතත්..""

Jin මාව සොලවමින් සිනා සෙද්දී.. මාගේ මුවගටද ආවේ හීන් සිනහවක්..

"" හ්ම්..""

"" ඔය ප්‍රමානවත් නොවේද.. ඇතුලට පැමිනියා නම් හොදයි.. පුතනුවන්ට ගමනම වෙහෙසකර ඇති..""

පියාණන් තරමක් තදින් පවසද්දී.. මිතුරන් දෙදෙනාම බිය වී ඔහු දෙස බැලුවේ..

"" හොදයි යමු වෙයි යින්ග්..""

මාගේ දෙපසින් පැමිනි අවුන් දෙදෙනා දෑතින් අල්ලාගෙන ඇතුලට ගමන් කරද්දී.. පාලිකාව මා පසු පසින් පැමිනියේ මාගේ බඩු බාණ්ඩද රැගෙනයි..

විවාහයෙන් පසු මා නැවත මාගේ සතුට ඇති තැනට පැමිනියා. නමුත් සිත තිබෙන්නේ වැංජි අසල.. ඔහුවත් රැගෙන පැමිනෙන්න තිබුනා නම් කියායි හැගුනේ..

WERE WOLF HUSBAND (Wangxian Omegaverse)Completed Onde histórias criam vida. Descubra agora