මාගේ තුරුලේම දැවටි දැවටි මාගෙන් සමාව අයදිමින් සිටි ඔහු නින්දට වැටුනි.. බොහෝ වේලාවක් ඔහු දෙස බලා සිටි මාද.. ඔහු අසලින්ම සැතපී සිටිද්දිම.. මා හටද නොදැනීම නින්දට ගියෙ ඔහුගේ පියවී තිබෙන දෙනෙත් දෙස බලා සිටිද්දීමය..
"" ආහ්..""
රාත්‍රියේදි තුවාල කරගත් මාගේ අත රිදුම් දෙන්න ගද්දී.. මා හිමිදිරි උදයේම අවදි වී සයනයේ ඉද බලා සිටියේ පෙර දින රාත්‍රියේ වෙයි යින්ග් මාගේ හස්තයට බෙහෙත් තබා ගැට ගැසූ වෙලුම් පටිය දෙසයි..
මාගේ මුවගට ආ සිනහවින්ම මා අසල නිදා සිටින වෙයි යින්ග් දෙස බැලුවේ හිතේ ඇති කර වූ අමුතුම ආකාරයේ හැගීම් ගොන්නකින්..
"" වෙයි යින්ග්..""
ඔහුගේ නලලේ සිට පහලට මාගේ ඇගිල්ලක් ගෙනයන ගමන් මා ඔහුව අවදි කර ගැනීමට උත්සහ කරලූවේ.. අද දින ඔහුව මා වෙයි රාජ්‍යට පිටත් කිරීමට පොරොන්දු වූ බව සිහි ගැන්වුනු නිසා..
''" අධිරජුනි ඔබ රාත්‍රියේ සිට මා අසලද සිටියේ..""
"" හ්ම්..""
එක් වරම මාව දුටු වෙයි යින්ග් සයනයේ කෙලින් වී හිද ගනිමින්.. නොනවත්වා කියවගෙන කියවගෙන ගියෙ මා ඔහු දෙස විසල් වූ දෑසින් බලා සිටියදී..
"" ඔබ ලග රැදෙන්න මා අවසර ගත යුතු නැත.. කිසි වෙකුගෙන්..""
මා හට තියුණු බැලමක් හෙලූ ඔහු සයනයෙන් බැස යාමට සැරසෙද්දී.. මා ඔහුගේ හස්තයෙන් අල්ලා නැවත් වීය.
"" කිමද..""
"" සූදානම් වන්න ඉක්මනින්.. අදම වෙයි රාජ්‍යට පිටවිය යුතුයි ඔබ..""
"" හ්ම්..""
මාගෙන් මිදී ඔහු උඩු සලුවද බිම දමා ස්නානය කරන්නට ගියේය..
YOU ARE READING
WERE WOLF HUSBAND (Wangxian Omegaverse)Completed
Fanfictionදුර ඈත අහසේ දිලෙන නුඹ... මගේ නොවනා මගේ වූ සද... නිල් අහස හිමි සදට පමණද... මිහිකතට සද එළිය අහිමි ද...🌙