12 - කොටස

Mulai dari awal
                                    

වැටෙන දහඩිය පිසදාගෙන අසු පිට කෑ ගසමින් අසුට පහර පිට පහර ගැසුවේ හිතේ වේදනාව සගවාගෙනයි..

"" අධිරජුනි..""

එක් වරම නතර වූ සෙන්පති පා සලකුණු තිබී ඇති පොළොව පෙන්වූයේ දෑස් විසල් කරගෙන..

"" මා හට හැගෙනවා..""

මා හිස ඔසවා සුළං අතරින් එන වෙයි යින්ග්ගේ ජීවන සුඟන්දය.. හ්ම් මා හට එය හොදින් හැගෙනවා.. ඔහු සිටින්නේ අපට ආසන්නයේමයි...

"" ඉක්මනින් මා පසු පස එන්න..""

මා වියරු වැටී ඇත්තෙක් මෙන් සෙන්පති පසු කරගෙන පා සලකුණු තිබූ මාර්ගයේ ඉදිරියටම ඇදුනේ.. වෙයි යින්ග් ගැන සිතේ ඇති බිය තව තවත් වැඩි වෙද්දී..

"" මා පැමිනෙනවා වෙයි යින්ග්..බිය නොවන්න...""

*
*
*
*
*
*

මා දිවිය පිළිබද ඇති බලාපොරොත්තු අත් හැර දමා අවසන් දැනටමත්.. ඔමේග කෙනෙක් උනත් මා සිටියේ බොහෝ දුර්වලවයි..මා jinගෙ පිට මත එහෙට මෙහෙට වැනි වැනි සිටියේ.. jin පාශාන , වලවල් උඩින් පයිමින් දිව යන නිසාය..

එක් වරම ඔහුගේ අවදානය බිදී යන්නාක් මෙන් මා හට දැනුනේ ඔහු කෙලින් ගමන් නොකර වෙනත් දිශාවකට ගමන් කරන්න ගනිද්දීය..

"" ජින්....ඔබට ඇසේද මාව.....""

මා ඔහුගේ වෘක සවන් වලට ලන්ව කෑ ගැසුවත් ඔහු සිටියේ වෙනත් ලොවක..

"" ජින්න්න්න්...............""

එක් වරම ඉදිරියෙන් පැමිනි මුව දෙනකගේ ගතේ වැදී මා මෙන්ම ජින්ද විසිවී ගොසින් බිම ඇදගෙන වැටුනේය..

"" ආහ්හ්..""

මා මඩ ගොඩක් උඩ වැටී සිටියදී.. සෙමෙන් දෑස් ඔසවා බැලුවේ ජින් දෙසයි.. ඔහු වෘක රූපෙන් මිනිස් රුවට හැරී තිබුනේ ඒ වන විටත්..

පොළොවට දෑත් තබා මා නැගිටිමින් ශරීරයේ ගෑවී තිබූ මඩ ගසා දමා ඉවත් කරද්දී.. ජින් මා දෙස බලා සිටියේ අසරණවයි..

"" වෙයි යින්ග් ඔබ ප...ලා..යන්න..""

රත් පැහැති දෑසින් මා දෙස බලා පොළොවේ වැටී සිටි ඔහු වචන ගලපා අපහසුවෙන් හඬ විවර කරද්දී.. මා ඔහු දෙස බලා ඈතින් ඇසෙන සතුරන්ගේ හඬට කන් යොමු කරේය..

WERE WOLF HUSBAND (Wangxian Omegaverse)Completed Tempat cerita menjadi hidup. Temukan sekarang