▪︎ 𝙴𝙿𝙸𝚂𝙾𝙳𝙴 11 ▪︎

592 135 68
                                    

මාව අරං ගියේ අපේ පොට් එකට එතන හැමතැනම පොලීසිය පිරිලා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මාව අරං ගියේ අපේ පොට් එකට එතන හැමතැනම පොලීසිය පිරිලා. police radio phone වල සද්දෙ හැමතැනින්ම ඇහෙනවා. ඇතුලෙන් මාංචු දාපු පොඩි පොඩි කොල්ලන්ව අල්ලගෙන ඇවිල්ලා වෑන් එකකට දානවා. මට පුදුම හිතුනා දැක්කම මං ගිය ජීප් එකෙන් පොලිස්කාරයෝ ටික බැහැලා මටත් බහින්න කිව්වා. උන් ටික මගෙ හතර පැත්තට එනකොට මාත් උන් එක්කම ඇවිදගෙන ගියා. ඒත් මගෙ ඇස් හෙව්වෙ ඔෆිසර්ව. ඒත් එයා පේන්න නෑ. අපිට කලින් කට්ටයත් එක්ක ඇතුලට ගියානෙ... එතකොටත් investigation පටන් අරගෙන ඒ එක්කම රූස්ට මාංචු දාගෙන ඇතුලෙ ඉදන් අරං ආවා. එකපාරට ඌව දැක්කම මාව ගැස්සිලා යද්දි මං ගාවට ආපු රූස්

"සීන් උබට දැන් ගොඩක් සතුටු ඇති නේද? ලෑස්තිවෙලා හිටපන්.. මේවට විදවලා මැරෙන්නවෙයි"

ඌ තරහින් මට එහෙම කියද්දි මගෙ කම්මුල් දිගේ කඳුලු බේරිලා ගියා. ඒත් ඌ ආයි මොනවාහරි කියන්න හදනකොට පොලිස්කාරයෙක් ඌව ඉස්සරහට තල්ලු කරලා යන්න කිව්වා. ඒත් අරූ යන ගමන් මං දිහා බල බල

"සීන් අපි තෝව අතාරින්නෑ... මුල මතක නැති කරපු පර බල්ලා... අරූ එක්ක ඉන්න නේද උබ මේවා කරේ... දැන් ඌ උබට කරන දේ බලපන්කෝ"

ඌ මහ හයියෙන් කෑගහලා එහෙම කියලා නෝන්ඩි හිනාවක් දානකොට ඌවත් ජීප් එකට දාගෙන ඒකයි අර වෑන් එකයි දෙකම යන්න ගියා. ඒත් ඩාලෙන්ලා පේන්න නැත්තෙ උන් රට පැනගෙන ඇති. හැමතැනම ඕකනෙ වෙන්නෙ උන්ට කත් අදින අපිව අහුවෙනවා. උන් ටික ඇඟ බේරගෙන හැංගෙනවා. ඒත් එක්කම ඔෆිසර් එලියට එනවා මං බලාගෙන එයා ලඟට ආපු තව ඔෆිසර් කෙනෙක්

"සර්.. බිලී.. ඩාලෙන්.. ඉතාලිවලට පැනගෙන.. airport එකේදිත් අල්ලන්න හැදුවට උන් පැනලා ගිහින්..."

【TRAPPED】🚨😈💥 [Sʜᴏʀᴛ Yɪᴢʜᴀɴ Fᴀɴғɪᴄ] Where stories live. Discover now