ඉස්සර කුසුම් නිතරම කියන දෙයක් අහිංසා මතක් කරද්දි මාධවටත් එය සිහි උනේ හිනාවක් සමඟින්.

"මෙන්න මේක අන්ඳනවා නංගි..මට බෑ දුවන්න..."

මාධව දිගු කළ පුංචි අකේන්ගේ ඇඳුම අතට ගත් අහිංසා ඔහුව මාධව වාඩි වී සිටි සෙටියෙන්ම ඇල කෙරෙව්වා.

"අපි සූට් දාමු හොඳද?අම්මියා කාමරේ රෙදි අස් කරනවනේ..ඔයා ගියොත් ඒ ඔක්කොම ආයේ හැඩි කරනවා..නැන්දි අන්ඳනකන් ඉන්නවා නේ??"

ඇය කියන දේ පිළිගත්තා වගේ අකේන් හිනාවක් පා ඒ විදියටම ඉද්දී මාධව බලන් උන්නේ සීරුවට අකේන්ට ඇඳුම් අන්ඳන සිය නැඟණිය දිහා.ඇය එක්ක කතා කරන්න ලොකු උවමනාවක් තිබ්බත් ගිරිරාජ් අවස්ථාව එනතුරු බලා ඉන්න යැයි කිව්ව නිසා මාධව උන්නේ අමාරුවෙන් උනත් ඉවසගෙන.ඒත් වදනකින් හෝ ඉඟියක් ඇයට සැපයිය යුතු යැයි මාධවගේ හිතට වද දුන්නේ ගිරිරාජ්ගේ ඉදිරි පියවර ගැන ඔහුට මෙවර නිගමනය කරගන්න බැරි වෙද්දී.

"මේ..නංගී..."

"ම්ම්ම්ම්??"

අහිංසා මාධව දිහා නොබලාම උත්තර දුන්නා.

"තමුසෙට මැරි කරන්න අදහසක් ඇවිල්ලම නැද්ද?"

මාධව අහද්දී අහිංසා ඔහු දිහා බැලුවේ දෙනෙත් විසල් කරගෙන.මාධවගේ මුහුණේ නම් තිබුනේ අර අමුතු බැල්මමයි.අහිංසාට දෙන්න උත්තරයක් එකපාරම මතක් උනෙත් නෑ.

"ඇස් ලොකු කර කර බලන්න ඕනේ නෑ.අහපු දේට උත්තරයක් දෙනවකෝ"

"එකපාරටම මොකද?"

"එකපාරටම නෙමේ..සති කීපයක වෙලේ ඉඳන් හිතිච්ච දෙයක්...එහෙම අදහසක් නැද්ද?"

අහිංසා මූණ බෙරි කරගත්තා.සාරංග ගැන කියන්න නලියන මුව ඇය පාලනය කරගත්තේ අමාරුවෙන්.

"අදහසක් තියෙන්න එහෙම කෙනෙක් ඉන්න එපැයි"

හිතට අවංක නැති ඒ වචන අහිංසා පිට කළේ අමාරුවෙන්.දුකට සැපට හැමදේටම ලඟින් ඉන්න මාධවට බොරු කියන්න වෙන එක පවුලේ අනිත් අයට බොරු කියන්න වෙන එකට වඩා දුකක්.ඒකමයි ඇය මාධවගෙන් නෙතු හංඟගෙන පුංචි අකේන් දිහාම බලන් උන්නේ.

සන්තානේ - දෙහදක් 2Where stories live. Discover now