ආයෙත් මූණ බෙරි කරගත්ත අහිංසා අත් දෙක බැඳන් පැත්තකට වෙද්දි සාරංග උන්නේ හිනාවේගෙනමයි.කාලෙකට පස්සේ අහිංසාව මෙහෙම අවුස්සලා ගත්තේ.ඔහු උන්නේ ඇගේ තරහව ඒ මොහොතේ රස විඳින ගමන්.

"අනේ මන්දා අප්පා..මේකි බුම්මන් ඉද්දිත් ආදරේ හිතෙනවනේ..."

අහිංසාට ඇහෙන්නම සාරංග ආසනේට ඔලුව බරකරගෙන දෙනෙත් සිහින් කරන් කියද්දි අහිංසා ඔහු දිහා බැලුවේ රවලා.ඔහු අමුතු හිනාවකින් ඇය දිහා බලන් ඉන්න විදියට හිතම මොනාද වෙද්දි ඇයත් ආසනේට හිස බරකරගෙන ඔහු දිහාම බලන් උන්නා.මොහොතකින් දෙදෙනාටම හිනාවක් නැඟුනේ සාරංග ඇගේ අත අරන් සිපගද්දි.

"තරහ ඉවර නම් මට දැන්වත් රදීශ ගැන කියනවද?"

ටික වෙලාවක් ගියාට පස්සේ සාරංග අහද්දී අහිංසා හිස සැලුවේ ඔහුගෙන් හැමදේම හංඟලා කරගත්තේ මෝඩ වැඩක් බව මතක් වෙද්දී.ඉතින් ඊළඟ විනාඩි කීපය ඇතුළත අහිංසා රදීශගේ දුරකථන ඇමතුමේ සිට ඔහුගේ ආගමනය දක්වා හැමදෙයක්ම කිව්වේ ඔහුගේ මුහුණ කේන්තියෙන් රතු වෙද්දි.

"අනේ..කේන්ති අරන් කෑ ගහන්න නම් එපා..මට බයයි ඔයා එහෙම...හරියට යකෙක් වගේ..."

සාරංග මුකුත් කියන්න කලින්ම අහිංසා කියාගෙන කියාගෙන ගියේ ඔහුගෙන් තව එක බැනුමක්වත් අහන්න හිත නොදෙද්දි.වචන පාලනය කරගෙන සද්ද නැතුව උන්නට මොකෝ සාරංග උන්නේ කේන්තියෙන්.ඔහු දෙතොල් සපාගෙන තමන්වම පාලනය කරගද්දි අහිංසා ඔහුගේ අතක් තම අතක පටලවගත්තා.

"තව එක පාරක් ආවොත් අනිවාර්‍යෙන්ම ඔයාටයි ගෙදරටයි කියනවා කියලා හිතන් උන්නේ.නැතුව හංඟන්න හිතුවෙ නෑ.සොරි..මගෙ වැරැද්ද...මට බය හිතුනා ඒ වගේ දේක පැටලෙන්න.බුවී මගේ යාලුවා බව ඇත්ත.ඒත් මං කොහොමද එහෙම දේකට මැදිහත් වෙන්නේ??"

ඒ වෙද්දි මඳක් සන්සුන් වෙලා උන්නු සාරංග තොල් පෙරලුවේ කරන දෙයක් ඔහුටත් හිතාගන්න බැරි වෙද්දි.

"බලමුකෝ..මිනිහා ගැන කේශ්ටයි අන්කල් කියන එක ගැටලුවක් නෑ.ඒත් මං මේ හැම ප්‍රශ්නෙම විසඳගන්න කලින් ඌ හැමදේම වැරදියට අන්කල්ගේ කනේ තිබ්බොත්....කොල්ලෙක් බව ඇත්ත අහිංසා..ඒත්..මං මේ වෙලාවේ ඇත්තටම අසරණයි.ගොඩක්ම ඒ කේශ් නිසා..ඌ කවදාවත් මං හොඳම යාලුවා උනත් ඔයාට අඬන්න සිද්ද වෙනවා නම් මාව කීයටවත් පිළිගන්නෙ නෑ...උගෙ හැමදේම මං එක්ක කිව්වට මගෙ හැමදේම ඌ එක්ක කියන්න මට අමාරුයි.ඒ අතින් වෙලාවකට මට මං එක්කම කේන්තියි...ඉඳලා ඉඳලා මාව කොහෙවත් නැති මරාලයකට අහු උනේ..ඒත්...රදීශ රෝන්ග් සයිඩ් ආවොත් නම් මං නිකන් ඉන්නෙ නෑ.."

සන්තානේ - දෙහදක් 2Where stories live. Discover now